මැතිව්ස් යයිද? යවයිද? | සිළුමිණ

මැතිව්ස් යයිද? යවයිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාවට නැංවෙමින් පවතින බවට වාර්තාවේ.

විශේෂයෙන් ක්‍රිකට් විචාරකයන් ද මේ බව සනාථ කරන අතර, ඔවුන් මෙය කුමන්ත්‍රණයක් බවට ද චෝදනා කරති. දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලිය 3 - 0 කින් පරාජය වීමෙන් අනතුරුව පැවැති දෙවැනි විස්සයි20 දෙවැනි තරගයේදී ආබාධයකට ලක්වීමෙන් පසු සංචාරය අතරමඟ මැතිව්ස් සියරට පැමිණියේය. එළඹෙන ඔස්ට්‍රේලියානු විස්සයි20 තරගාවලියේද නායකත්වය උපුල් තරංගට පවරා ඇති අතර මැතිව්ස් මේ තරගාවලියට ද එක්නොවේ.

මැතිව්ස් 2019 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන බවට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළද, දැන් එකී ප්‍රකාශය පුස්සක් වෙමින් පවතින බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය උදෙසා යැයි පවසමින් බහුතර නවකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියට යොදවා පරාජය වීමෙන් අනතුරුව මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කරන්නේ නම් එය බලවත් අසාධාරණයක් බවද විචාරකයෝ පෙන්වා දෙති.

Comments

පිටු