
එකෝමත් එක රටක ක්‍රිකට් තරගයක් පටන් ගත්තා. ටෙස්ට් - එක්දින - විස්සයි20 ජාත්‍යන්තර තරගයක් එහෙම නෙවෙයි. රට ඇතුළේ කණ්ඩායම් කාණ්ඩගත කරලා ක්‍රීඩා කරන තරගාවලියක්. තරගාවලිය තුන්දින කියලා තමයි කියවෙන්නේ.
තරගය තිබ්බේ මැංගුස්වලට ප්‍රසිද්ධ පැත්තක ටීම් එකකුයි, වාදයකට ප්‍රසිද්ධ ටීම් එකකුයි අතර. කොහොම හරි තරගය පටන් ගත්තා කියමුකෝ.
ඉස්සෙල්ලාම පන්දුවට පහර දුන්නේ මැංගුස්වලට ප්‍රසිද්ධ පැත්තේ කණ්ඩායම. ඔවුන්ගේ මුල් ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 390 කට සීමා වුණා. පොත්පත්වල සටහන් වුණේ ඕවර 103 ක් කියලා. පන්දුවාරයකට ලකුණු 3.78 ක වේගයකින් තමයි පහරදීලා තියෙන්නේ. මේ ඉනිමට ගතවු කාලය හොඳට ක්‍රිකට් ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් හරියටම දැන ගන්න පුළුවන්.
මැංගුස්වලට ප්‍රසිද්ධ පැත්තේ ඉනිම එහෙම ඉවර වෙනකොට වාදයට ප්‍රසිද්ධ පැත්තේ ඉනිම ආරම්භ වුණා. ගිනිකෙළි සටන පටන් ගත්තේ ඒ ඉනිමෙන්. පන්දුවාර 68.3 කදී සියලුම දෙනා ලකුණු 423 කට දැවී ගියා කියමුකෝ. පන්දුවාරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 6.17 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මැංගුස්වලට ප්‍රසිද්ධ පැත්තේ අට දෙනෙක්ම පන්දු යවලා.
මේ ඉනිමටත් ගත වෙච්ච කාලයත් අර හොඳට ක්‍රිකට් ගැන දන්න කියන කෙනෙකුගෙන් අහල දැන ගන්න එක හොදයි.
ඊට පස්සේ මැංගුස්වලට ප්‍රසිද්ධ පැත්තේ කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා ලකුණු 197 කට දැවී ගිහින් තියෙන්නේ පන්දුවාර 22.5 කදී. පන්දුවාරයකට ලකණු ලබා ගැනීමේ වේගය සටහන් වුණේ 8.62 ක් විදියට.
වාදයට ප්‍රසිද්ධ කණ්ඩායමට ජයග්‍රාහි ඉලක්කය වුණේ ලකුණු 165 ක්. ඔවුන් පන්දුවාර 13.4 කදී කඩුලු හතක් දැවී ලකුණු 167 ක් අරගෙන කඩුලු තුනකින් තරගයත් දිනුවා. මේ ඉනිමේ වාදයට ප්‍රසිද්ධ පැත්තේ කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වුණේ 12.21 ක් විදියට.
මේ තරගය බලන්න ගිය ටොමයි - ජෙරියයි තවමත් හොල්මං වෙලා වගේ බලා ගත් අතේ බලාගෙන.
මොකද ඩබල නිකන් මඤ්ඤං වෙලා වගේ?
නෑ. අපි මේ තාමත් කල්පනා කරන්නේ එදා අර මැච් එකේ අන්තිම දවසේ ටීම් දෙකම ලකුණු හයසීයක් විතර ගහලා තියෙනවනේ.
දැන් ඔය මැච් එකට ප්‍රශ්නයකුත් ඇතිවෙලා නේද තියෙන්නේ. තරග පාවාදීමක් කරලා තියෙනවා කියලා.
ඔව්. අර වාදයට ප්‍රසිද්ධ පැත්තේ ටීම් එකේ නායකයා ඔය මැච් එකට ඉඳලත් බැට් කරන්න ආවේ නෑ නේද? බඩේ අමාරුවක්ද මොකක්දෝ කියලා.
දැන් මේ ගැන හොයන්න කියලා ලොකු විරෝධතාවයකුත් ඇති වෙලා තියෙනවා නේද ජෙරී.
ඔව් මචං මේ ගැන කොහොමත් හොයන්න ඕනා තමයි. නැත්නම් මේ තරගාවලියේ ඉදිරියෙන් හිටපු ටීම් එකට ලොකු අසාධාරණයක් වෙනවා. අනික ඉතින් ධ්ඛ්ඛ් නීතිරීතිවලටත් තරග පාවාදීම කියන්නේ වැරැදි වැඩක්නේ.
මොනවා වුණත් මචං කාට කාටත් සාධාරණයක් නම් ඉෂ්ඨ වෙන්න ඕනා. නැත්නම් ඉතින් මේක හොඳ කරන්න බැරි ලෙඩක් වෙන්න පුළුවන්.