පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන්න මෙවරත් මොබිටෙල් අත | සිළුමිණ

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන්න මෙවරත් මොබිටෙල් අත

ඡායාරූපය - ශාන් රූපස්සර

'සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා' තේරීම සඳහා පිට පිට 10 වැනි වසරටත් ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය ඉදිරිපත්ව සිටියි. ඒ පිළිබඳ අනුග්‍රහකත්වය මොබිටෙල් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නලින් පෙරේරා මහතා (වමේ සිට දෙවැනියා) විසින් ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහතාට ලේක්හවුස් මන්දිරයේදී පිරිනැමූ අවස්ථාව. එම අවස්ථාවට (වමේ) මොබිටෙල් ආයතනයේ ජේ්‍යෂ්ඨ කළමනාකරු (සන්නිවේදන) ජූඩ් සිල්වා සහ ලේක්හවුස් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී (වෙළඳ දැන්වීම්) වරුණ මල්ලවාරච්චි යන මහත්වරුන්ද සහභාගි වූහ.

 

Comments