අපට අපේම පරිගණකයක් | Page 2 | සිළුමිණ

අපට අපේම පරිගණකයක්

ඊ විස් සමාගම මෙරට පරිගණක ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රමුඛතම දේශීය ආයතනයයි. ඩෙස්ක් ටොප් පරිගණක, ලැප්ටොල්, නෝට්බුක්, ටැබ් හා පරිගණක ආශ්‍රිත තවත් උපාංග රැසක් මෙරට තුළම නිපදවන මෙම ආයතනයට අනුබද්ධව ශ්‍රි ලංකාවේ ප්‍රථම පරිගණක නිමැවුම් මධ්‍යස්ථානය හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ස්ථාපික කර ඇත.

2013 නොවැම්බර් 08 වැනිදා ඇරඹුණු ඊ විස් සමාගම සතු මෙම පරිගණක නිමැවුම් මධ්‍යස්ථානය තුළින් එක් දිනක වැඩමුරයකදී පරිගණක ආශ්‍රිත උපාංග 800 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ.

“අපිට අපේම පරිගණකයක් “ තේමාවෙන් පරිගණක හා උපාංග නිෂ්පාදනයේ යෙදුණු මෙම ඊ විස් නිෂ්පාදන ISO 9001-2008 ජාත්‍යන්තර තත්ත්ව සහතික හිමිකර ගෙන ඇති දේශීය සමාගමක් වීමද ශ්‍රි ලාංකිකයන් ලෙස අපිට මහත් අභිමානයක්.පරිගණක ක්ෂේත්‍රය හා සම්බන්ධ ලොව දැවැන්ත වෙ‍ෙළඳනාමය වන ඉන්ටෙල්, මයික්‍රොසොෆ්ට්, හේයර් වැනි ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධව සිය නිෂ්පාදන කටයුතු සිදු කරන ඊවිස් සමාගම නිරන්තරවම මෙරට පාරිභෝගිකයන් සඳහා උසස්ම තත්ත්වයෙන් යුතු පරිගණක හා උපාංග පිරිනැමීමටද කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකික අනන්‍යතාව රැකගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඊ විස් පරිගණක නිෂ්පාදන නිපදවන හම්බන්තොට සූරියවැව කර්මාන්ත ශාලා පරිශ්‍ර ය අක්කර 02 භූමි ප්‍රමාණයක්. වර්ග අඩි 25,000 ක වැඩි නිෂ්පාදනාගාරයදී නිපදවෙන අතර එම නිෂ්පාදන සිදු කෙරෙන සේවක පිරිස හම්බන්තොට සූරියවැව ප්‍රදේශයන්හි පදිංචි තරණ තරුණියන් වීමද විශේෂත්වයකි.

මෙම ඊ විස් සමාගමේ සමූහ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මෙරට පරිගණක ක්ෂේත්‍රය තුළ දශක තුනකට ආසන්න කාලයක අත්දැකීම් හා පළපුරුද්ද හිමිකර ගත් ප්‍රකට පරිගණක විශේෂඥයෙකු වන සංජීව වික්‍රමනායක මහතාය.

එසේම මෙම සූරියවැව නිෂ්පාදන පරිශ්‍රයේ නිෂ්පාදන කළමනාකරු ලෙස ඉන්දීය ජාතික පරිගණක විශේෂඥයෙකු වන ප්‍රේම කුමාර් මහතා කටයුතු කරයි.

ශ්‍රි ලංකාවේ නිපදවන මෙම අනර්ඝ ඊ විස් පරිගණක ආශ්‍රිත උපාංග සඳහා වෙ‍ෙළඳපළ තුළ ඉහළම ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ලැබුණි. ඊ විස් සමාගමේ ප්‍රධාන අලෙවි කාර්යාලය කොළඹ රාජගිරියේ පිහිටා ඇති අතර එහි නිෂ්පාදන අලෙවි කරනු ලබන ශාඛා අනුරාධපුර, කුරුණෑගල, නුවර, යාපනය, බදුල්ල හා ගාල්ල යන ප්‍රදේශයන්හි පිහිටා තිබේ.

සූරියවැව ඊ විස් නිෂ්පාදන පරිශ්‍රයේදී සිළුමිණ සල්පිල සමඟ විශේෂ අදහස් දැක්වීමකට එක් වූ එහි සමූහ සභාපති සංජීව වික්‍රමනායක මහතා එහිදී අවධාරණය කර සිටියේ සිය සමාගම ඉදිරියේදී මෙරට පරිගණක ක්ෂේත්‍රය තුළ සිය දේශීය අනන්‍යතාව රැකගනිමින් පරිගණක ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛ නාමය වඩ වඩාත් තහවුරු කරගනු නොඅනුමාන බවයි.

තමන් සමඟ අත්වැල් බැඳගත් ඊ විස් කාර්ය මණ්ඩලය සමාගමේ සාර්ථිකත්වයට ලබා දෙන සහයෝගය හා කැපවීම අගය කල සභාපතිවරයා කවදත් ඊ විස් සමඟ ලෙන්ගතු මෙරට පාරිභෝගික ජනතාවට සිය හෘදයංගම ස්තූතිය පුද කිරීමටද අමතක නොකළේය.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments