![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/03/n_11.jpg?itok=yprfLcrq)
විහාරාධිපති සමනලතැන්නේ රාහුල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් නාවාන සිරි සිද්ධත්ථාරාමයේදී වෛද්‍ය සායනයක් ශීල ව්‍යාපාරයක් පැළ බෙදාදීමක් හා දහම් පාසල් සිසුන්ට පොත් ප්‍රදානයක් 10දා සිදු කෙරේ.
පස්වරු 4.00 සිට ශ්‍රී ලංකා අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයක් පැවැත්වෙයි. අභිනව මහානායක ධුරයට පත්වීමෙන් පසුව උන්වහන්සේ කොළඹින් බැහැරව පවත්වන ප්‍රථම ධර්ම දේශනය ද මෙය වෙයි. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් එදින විශේෂ ජංගම වෛද්‍ය සායනයක් ද පැවැත්වෙයි.