
දොළොස්වැනි පොලිස් ක්‍රීඩා වර්ණ රාත්‍රිය සිය ක්‍රීඩාවේ ප්‍රතිභාවයෙන් වර්ණවත් කළ දුනුවිදීමේ ශූර ලක්මාල් රාජසිංහ 2010-12-13-14 වර්ෂයන්හි දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහතුන් ඇතුළු සම්භාවනිය අමුත්තෝ රැසක් මේ අවස්ථාවට එක්වූහ.
2009 - 2015 වර්ෂයන්හි ජී. එස්. වල්ගම (වෙඩි තැබීම), ශිරෝමාලා විරරත්න (බොක්සිං), ජේ. පොද්දල්ගොඩ (වෙඩි තැබීම), ඊ. එම්. පබාවතී (වෙඩි තැබීම) මිහිරානි සහ මදුෂානි (ජීවිතාරක්ෂක), විරාජි චමල්කා (දැල් පන්දු), ඩබ්. ඩී. එල්. ප්‍රනාන්දු (ජීවිතාරක්ෂක) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දොළොස් වැනි පොලිස් වර්ණ රාත්‍රියේදී සම්මාන හිමිකර ගත්හ.


සේයා - නිරෝෂ් බටේපොල










