
අමෙරිකාවේ බෙතනි මැටෙක් සෑන්ඩ්ස් සහ චෙක් ජනරජයේ ලුසි සැෆරෝවාට ශූරතාව හිමි විය. අවසන් තරගයේදී තරග වට 2 - 1 ක ජයකි. ලකුණු 6 - 7 (4 - 7), 6 - 3, 6 - 3 කි. මෙවර අනුශූරියන් වූයේ චෙක් ජනරජයේ ඇන්ඩ්‍රියා හ්ලාවාකෝවා සහ චීනයේ පෙන්ග් ෂුවායිය.
31 හැවිරිදි බෙතනි හිමිකර ගත් දෙවන ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා යුගල ශූරතාවයයි. මීට පෙර 2015 ශූරතාවය ඇයට තිබිණි. 29 හැවිරිදි සැෆරෝවාගේ දෙවන ඔස්ට්‍රේලියානු කාන්තා යුගල ශූරතාවයි. ඇයත් 2015 ශූරතාව හිමිකර ගත්තේ බෙතනි සමඟිනි. 30 හැවිරිදි හ්ලාවාකෝවාට 2016 දී මෙන්ම මෙවරත් යුගල අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය. 30 හැවිරිදි පෙන්ග් ඔස්ට්‍රේලියානු විවෘත අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ ප්‍රථම වතාවටයි.
පිරිමි යුගල
පින්ලන්තයේ 26 හැවිරිදි හෙන්රි කොන්ටිනෙන් සහ ඔස්ට්‍රේලියාවේ 28 හැවිරිදි ජෝන් පියර්ස්ට ජයග්‍රහණය හිමිවිය. ඔවුන් තරග වට 2 - 0 කින් (ලකුණු 7 - 5, 7 - 5) අමෙරිකාවේ බොබ් සහ මයික් බ්‍රයන් නිවුන් සොහොයුරන්ව පරාජය කළහ.
38 හැවිරිදි බ්‍රයන් සොහොයුරන් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි යුගල ශූරතා ගණනක් හිමිකරගත් ශූරයෝය. එමෙන්ම ඔවුන් ඔස්ට්‍රේලියානු විවෘත පිරිමි යුගල ශූරතා හයක හිමිකරුවෝය.
මිශ්‍ර යුගල
අමෙරිකාවේ 35 හැවිරිදි ඇබිගෙයිල් ස්පියර්ස් සහ කොලොම්බියාවේ 30 හැවිරිදි ජුවාන් සෙබස්තියන් කාබාල් මෙවර ශූරතාව හිමිකර ගත්තේය. අවසන් තරගයේදී පරාජය වූයේ ඉන්දියාවේ 30 හැවිරිදි ෂානියා මිර්සා සහ ක්‍රොයේෂියාවේ 32 හැවිරිදි ඉවාන් ඩොඩිග්ය. ප්‍රතිඵලය තරග වට 2 - 0 කි. ලකුණු 6 - 2, 6 - 4 කි. ස්පියර්ස් සහ ජුවාන් හිමිකර ගත් ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය වේ. මිර්සා මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ශූරතා දෙකක් ජය ගෙන තිබේ.