ක්‍රීඩාවේ අධිෂ්ඨානය කුමක්ද? | Page 2 | සිළුමිණ

ක්‍රීඩාවේ අධිෂ්ඨානය කුමක්ද?

ත්මන් පාලනයට වසර දෙකක් ගතවන විට නවීන් දිසානායක හරහා දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් දක්වාම ලාංකේය ක්‍රීඩාව ගමන්කර ඇත්තේ අධිෂ්ඨානශීලි ගමනක්ද යන්න කතාබහට ලක්කළ යුතු මාතෘකාවක් වී තිබේ. ලාංකේය ක්‍රීඩා සංගම් සම්මේලන ද ක්‍රීඩාවෙන් පිට පැන සෙල්ලම් සංගම් - සම්මේලන බවට පරිවර්තනය වෙමින් ඇල්මැරුණු තත්ත්වයකට පත්ව ඇති අතර, එකී නිද්‍රාශීලිභාවයෙන් මේවා අවදි කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළ යුතුය.

නැතහොත් වැඩි දවසක් නොගොස් ම ක්‍රීඩා අමාත්‍යංශයද සෙල්ලම් අමාත්‍යංශයක් කරගැනීමට මෙකි නිලධාරින් කටයුතු කරනු ඇත. පැවැති රජය පෙරළා දැමීමට පෙරමුණ ගත් කිසිවකු මෙකී නිද්‍රාශීලිභාවය තව කොතෙක් දුරට ඉවසා සිටියද යන්න පැවැසිය නොහැකිය. ගෙවී ගිය දෙවසරක කාලය තුළ ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා ලබා දුන්නා වූ විවිධාකාර වූ ක්‍රීඩා පොරොන්දු පිළිබඳ දල්වා ගෙන සිටි බලාපොරොත්තු ද එකිනෙක බිඳ වැටෙමින් පවතින අතර එකී ක්‍රියාදාමය කනපිට හැරවීමට බලධාරින් උනන්දු විය යුතුය.

ගෙවීගිය දෙවසරක කාලය තුළ ලාංකේය ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ යුතුකම් පිළිබඳ අධිෂ්ඨානයක් තිබේද යන්න බලධාරින්ම සිතා බලනවා නම් යහපත්ය. 2020 ඔලිම්පික් උළෙලට අමුඩ ගැසීමට පෙර ඉදිරි වසර තුනක කාලය තුළ ලාංකේය සමස්ත ක්‍රීඩාව ම දෙපයින් නැගීමට හැකි ස්ථිරසාර වැඩ පිළිවෙළක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා ඉගෙන ගැනීමට නම් මේ දිනවල පවතින දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ ඔවුන් ක්‍රියා කළ ආකාරය දෙස විමසිලිමත්වීම ප්‍රමාණවත්වය. එසේ නොවුණහොත් මේ සියලු කියුම් කෙරුම් අධිෂ්ඨානයක් නැති ගමනක් වනු නියතය.

වත්මන් පාලනයට වසර දෙකක් ගතවන විට නවීන් දිසානායක හරහා දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් දක්වාම ලාංකේය ක්‍රීඩාව ගමන්කර ඇත්තේ අධිෂ්ඨානශීලි ගමනක්ද යන්න කතාබහට ලක්කළ යුතු මාතෘකාවක් වී තිබේ. ලාංකේය ක්‍රීඩා සංගම් සම්මේලන ද ක්‍රීඩාවෙන් පිට පැන සෙල්ලම් සංගම් - සම්මේලන බවට පරිවර්තනය වෙමින් ඇල්මැරුණු තත්ත්වයකට පත්ව ඇති අතර, එකී නිද්‍රාශීලිභාවයෙන් මේවා අවදි කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළ යුතුය.

Comments