
අඳගොළු බිහිරි ලාංකේය ක්‍රිකට් බලධාරින්ට මතක හිටින පාඩමක් සිය මංගල විස්සයි20 තරගයේදීම කියා දුන් විසිපස්වන වියේ පසුවන ලක්ෂාන් සඳකැන් පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගත් ප්‍රථම ශ්‍රී ලංකා පන්දු යවන්නා මෙන්ම එවන් දක්ෂතාවක් ප්‍රදර්ශණය කළ ලොව පහළොස්වැනි පන්දු යවන්නා වීමට ද සමත්වූයේ ජොහැනස්බර්ග් නිව් වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු දෙවැනි තරගයේදීය.
මංගල විස්සයි20 තරගයේ ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් ප්‍රථමයා ඔස්ට්‍රේලියාවේ මයිකල් කැස්ප්‍රොවිස්ය.
මයිකල් සිය ප්‍රථම පන්දුවාරයේ පළමුවැනි පන්දුවට නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් සහ දෙවැනි පන්දුවේදී මැතිව් සින්ක්ලෙයාර් දවාලීමට සමත් විය. මෙය විස්සයි20 තරග ඉතිහාසයේ පළමු තරගය වීමද විශේෂත්වයකි. 2005 පෙබරවාරි 17 දා ඕක්ලන්ඩ්හි ඊඩන් පාර්ක් පිටියේ මේ තරගය පැවැත්විණි.
සිය මංගල විස්සයි20 තරගයේ හොඳම පන්දු යැවීම් අතර, සඳකැන් නවවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර මංගල තරගයේ හොඳම පන්දු යැවීම සටහන් කරගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේට එරෙහිව 2008 දීය. සඳකැන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග තුනකට ක්‍රීඩාකර කඩුලු 9 ක්, එක්දින තරගයකදී කඩුලු දෙකක් බිඳ හෙලා තිබේ.