
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවදුරටත් එක් ලකුණකින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්ව තිබේ. මහනුවර කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවන අතර තෙවැනි ස්ථානය නාවික හමුදා කණ්ඩායමට හිමිව තිබේ.
නාවික හමුදාව සහ සී. එච්. අතර පැවැති තරගයෙන් 81 - 23 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට නාවිකයෝ සමත් වූහ. හැව්ලොක්ස් සහ ගුවන් හමුදාව අතර තරගයෙන් 37 - 29 ක ජයක් හැව්ලොක්ස්ටද, මහනුවර සහ පොලිසිය අතර තරගයෙන් 34 - 23 ක ජයක් මහනුවරටද, යුද හමුදාව සහ සී. ආර්. අතර තරගයෙන් 24 - 20 ක ජයක් යුද හමුදා කණ්ඩයාමටද හිමිවිය. සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන අතර යුද හමුදා කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවෙයි.










