රන් මිළ තවත් පහළට | Page 11 | සිළුමිණ

රන් මිළ තවත් පහළට

මෙරට රන් මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි
 
ඒ අනුව අද (31) පෙරවරුවේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබෙයි
 
පසුගිය සතියේ බදාදා දිනයේ දී'කැරට් 22' රන් පවුමක දැක්වුණේ රු. 154,500ක් ලෙසය.
 
මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වෙයි

Comments