බන්දුල පද්මකුමාර සමුගෙන වසරයි | සිළුමිණ

බන්දුල පද්මකුමාර සමුගෙන වසරයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු වු බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වී 2023 පෙබරවාරි 24 වැනිදාට වසරක් සපිරෙයි. වසර 1950 ජුනි 2 වැනිදා මාතර මාපලානදී උපත ලැබූ ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හෙතෙම අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ලේක්හවුස් සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ හෙතෙම ශ්‍රී කර්තෘ සංසදය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමියෙකි. මුද්‍රිත පුවත්පත රූපවාහිනිය වෙත ගෙන යමින් උදෑසන රූපවාහිනී පත්තර වැඩසටහන මුලින්ම හඳුන්වා දුන්නේය. 1970 වර්ෂයෙන් ආරම්භ කරන ලද මාධ්‍ය ජීවිතය දිගු කලක් ඔස්සේ විවිධ හැඩතලවලින් විවිධ මාන ඔස්සේ රැගෙන ගිය පද්මකුමාර අසූව දශකයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ වැනි පුවත්පත්වල ද ලක්බිම සති අන්ත පුවත්පතේ ද සමාරම්භක ප්‍රධාන කර්තෘවරයා ද විය.

Comments