
‘තවත් අරාබි වසන්තය අපි ලංකාව තුළ බිහි කරනවා’මේ පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය පරිශීලකයන් දුටු කතාවකි. සමාජ මාධ්‍ය පරිශීලනය කරන අති බහුතරයක් වන තරුණ තරුණියන් මෙවැනි කතා කිසිදු අදහසකින් හෝ දැක්මකින් තොරව ක්ෂණිකව එකිනෙකා අතර හුවමාරු කරගන්නා අතර ඒවාට තම අදහස් ද එක්කරනු ද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
එහෙත් ගැඹුරින් මේ කතා, අදහස්, මතවාද නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ මේ අති බහුතරයක් ‘අරාබි වසන්තය - Arab Spring’ ගැන තබා ‘වසන්තය - Spring’ ගැනවත් මෙලෝහසරක් නොදන්නා බවය. නැතහොත් කිසියම් මනෝරාජික මිත්‍යා ලෝලීත්වයක පැටලී සිටින බවය.
පුළුල් දේශපාලන හා සමාජ අත්දැකීම්වලින් තොර හෝ අඩු පුද්ගලයන් මෙවැනි අදහස් හා මතවාදවල එල්බ ගෙන එය සැබෑවක් වනු දැකීම යනු රිසින් ක්‍රියාත්මක වනු හෝ එයට ආශිර්වාද කිරීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන්නේ අරාබි වසන්තයෙන් බැට කෑ රටවල් එහි උණුසුම යාමටත් පෙර අත්විදි සහ අදත් අත්විදිමින් සිටින ඛේදවාචකය දකින විටය. ඒ හා සම්බන්ධ වාර්තා කියවන විට ය.
බටහිර ජනමාධ්‍ය විසින් Arab Spring (අරාබි වසන්තය) ලෙස නාමකරණය කර අති උත්කර්ෂයට නවංවන ලද සිදුවීම් ජාලය සහ එමගින් නිර්මාණය කළ ආර්ථික, දේශපාලන හා සමාජයීය අර්බුදය (ඛේදවාචකය) ගැන වත්මන් ශ්‍රී ලංකික සමාජය දැනුවත් කිරීමට මේ තරම් සුදුසු අවස්ථාවක් උදා නොවන්නේ ‘අරාබි වසන්තය - 2’ ලංකාව තුළ නිර්මාණය කර රට විනාශය කරා දක්කා ගෙන යාමට අන්තවාදීන් සහ අවස්ථාවාදීන් පසුගිය මාස කිහිපය තුළ නිමක් නැති උත්සාහයක් ගන්නා නිසාම පමණක් නොව මේ වන විට එහි කූඨප්‍රාප්තිය ද දැකගත හැකි නිසාය.
Arab Spring / අරාබි වසන්තය
අරාබි වසන්තය ගැන වඩාත් සරල සහ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කරමින් සුප්‍රසිද්ධ විකිපීඩියා කියන්නේ, ‘අරාබි වසන්තය යනු 2010 දශකයේ මුල් භාගයේ අරාබි ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතා, නැගිටීම් සහ සන්නද්ධ කැරලි මාලාවකි. එය දූෂණයට සහ ආර්ථික එකතැන පල්වීමට ප්‍රතිචාර වශයෙන් ආරම්භ වූ අතර එය මුලින්ම ආරම්භ කරන ලද්දේ ටියුනීසියාවේ’ බවයි.
ටියුනීසියාවේ සිට, විරෝධතා තවත් රටවල් පහකට පැතිර ගියේය: ලිබියාව, ඊජිප්තුව, යේමනය, සිරියාව සහ බහරේනය යන රටවල එක්කෝ පාලකයා නෙරපා හැරීම (සයින් එල් අබිඩින් බෙන් අලි, මුවම්මර් ගඩාෆි, Hosni Mubarak සහ Ali Abdullah Saleh ) හෝ කැරලි, සිවිල් යුද්ධ, හෝ කැරලි ඇතුළු ප්‍රධාන නැගිටීම් සහ සමාජ ප්‍රචණ්ඩත්වය සිදු විය.
මොරොක්කෝව, ඉරාකය, ඇල්ජීරියාව, ඉරානය, ලෙබනනය, ජෝර්දානය, කුවේට්, ඕමානය සහ සුඩානය යන රටවල වීදි පෙළපාළි පැවැත්විණි. ජිබුටි, මොරිටේනියාව, පලස්තීනය, සෞදි අරාබිය සහ මොරොක්කෝවේ යටත් විජිත බටහිර සහරාව යන ප්‍රදේශවල සුළු විරෝධතා පැවැත්විණි. අරාබි ලෝකයේ පෙළපාළිකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ "ජනතාවට අවශ්‍ය වන්නේ පාලන තන්ත්‍රය වට්ටන්න" යන්නය.
අරාබි වසන්තයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමෙන් පසුව බල අරගලයක් දිගටම පැවතුණි. රටවල් කිහිපයක නායකත්වය වෙනස් වූ අතර පාලන තන්ත්‍රයන් වගකිව යුතු අතර, අරාබි ලෝකය පුරා බලරික්තක් විවෘත විය. අවසානයේදී, එය ආගමික ප්‍රභූන් විසින් බලය තහවුරු කර ගැනීම සහ බොහෝ මුස්ලිම් බහුතර ප්‍රාන්තවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වැඩෙන සහයෝගය අතර මතභේදාත්මක සටනක් ඇති කළේය.
මේ ජනප්‍රිය ව්‍යාපාර යේමනයේ විදේශීය රාජ්‍ය ක්‍රියාකාරීන්ගේ කලාපීය සහ ජාත්‍යන්තර හමුදාවන්ගේ ප්‍රති-විප්ලවවාදී පියවරයන් හේතුවෙන් දූෂණය අවසන් කිරීම, දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සහ විශාල ආර්ථික සමානාත්මතාව ඇති කරනු ඇතැයි යන මුල් බලාපොරොත්තු ඉක්මනින් බිඳ වැටුණි. බහරේනයේ සහ යේමනයේ මැදිහත්වීම් සහ සිරියාවේ, ඉරාකයේ, ලිබියාවේ සහ යේමනයේ විනාශකාරී සිවිල් යුද්ධ ඇතිවිය.
සමහරු සාර්ථක සහ තවමත් පවතින ගැටුම් අරාබි ශීත ඍතුව ලෙස හඳුන්වති. 2018 මැයි වන විට, ටියුනීසියාවේ නැගිටීම පමණක් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සංක්‍රමණය වීමට හේතු වී ඇත. සූඩානයේ සහ ඇල්ජීරියාවේ මෑතකාලීන නැගිටීම් පෙන්නුම් කරන්නේ අරාබි වසන්තය ආරම්භ කළ තත්ත්වයන් මැකී ගොස් නැති අතර අධිකාරීවාදයට සහ සූරාකෑමට එරෙහි දේශපාලන ව්‍යාපාර තවමත් සිදුවෙමින් පවතින බවයි. 2019 දී, ඇල්ජීරියාව, සුඩානය, ඉරාකය, ලෙබනනය සහ ඊජිප්තුවේ බහු නැගිටීම් සහ විරෝධතා ව්‍යාපාර අරාබි වසන්තයේ අඛණ්ඩ පැවැත්මක් ලෙස සැලකේ.
2021 වන විට, අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි බහුවිධ ගැටුම් තවමත් අඛණ්ඩව පවතී. සිරියානු සිවිල් යුද්ධය සිරියාවේ දැවැන්ත දේශපාලන අස්ථාවරත්වයක් සහ ආර්ථික දුෂ්කරතා ඇති කර ඇති අතර බටහිර බලවතුන් සහ රුසියාව ප්‍රොක්සි ප්‍රහාරකයින් එවීමත් සමඟ මෑතක දී ප්‍රධාන සිවිල් යුද්ධයක් අවසන් විය. නමුත් යේමනයේ සිවිල් යුද්ධයක් දිගටම ඇදී යමින් පවතී.
අරාබි වසන්තයේ බලපෑම
අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවල ප්‍රචණ්ඩත්වයේ සහ අස්ථාවරත්වයේ රැල්ලක් ඇති විය. එය අරාබි ශීත ඍතුව හෝ ඉස්ලාමීය ශීත ඍතුව ලෙස හැඳින්වේ. අරාබි ශීත ඍතුව විස්තීර්ණ සිවිල් යුද්ධ, සාමාන්‍ය කලාපීය අස්ථාවරත්වය, අරාබි ලීගයේ ආර්ථික හා ජනවිකාස පරිහානිය සහ සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර සමස්ත ආගමික යුද්ධ මඟින් පරිපූර්ණ විය.
අරාබි වසන්තයේ දිගුකාලීන බලපෑම් තවමත් පෙන්නුම් කර නැතත්, එහි කෙටි කාලීන ප්‍රතිවිපාක මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා බෙහෙවින් වෙනස් විය. ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ, පවතින පාලන තන්ත්‍රයන් ඉවත් කර නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් හරහා ප්‍රතිස්ථාපනය කරන ලද විප්ලවයන් කෙටිකාලීන සාර්ථකත්වයන් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, විශේෂයෙන්ම ඊජිප්තුවේ මතු වූ පසුකාලීන දේශපාලන කැලඹීම් මඟින් ගැටලු සහගත වේ. වෙනත් තැන්වල, විශේෂයෙන් මොරොක්කෝවේ සහ පර්සියානු ගල්ෆ්හි රාජාණ්ඩුවල, පවතින පාලන තන්ත්‍රයන් අරාබි වසන්ත ව්‍යාපාරයට සහයෝගය දැක්වූ අතර සැලකිය යුතු සමාජ වෙනසක් නොමැතිව පිළිවෙළක් පවත්වා ගැනීමට සමත් විය. අනෙකුත් රටවල, විශේෂයෙන්ම සිරියාවේ සහ ලිබියාවේ, අරාබි වසන්ත විරෝධතාවල පැහැදිලි ප්‍රතිඵලය වූයේ සම්පූර්ණ සමාජ බිඳවැටීමකි.
අරාබි වසන්ත ව්‍යාපාරය තුළ සංචාරක ව්‍යාපාරය නතර වීම සහ අනෙකුත් සාධක හේතුවෙන් අයවැය හිඟය 2011 සිට වර්ධනය වී විරැකියාව ඉහළ ගොස් ඇත. 2016 දී ලෝක බැංකුවට අනුව, "විරැකියාව 16.7% සිට 15.3% මට්ටමේ පවතී. දිගු හා ද්‍රෝහී සිවිල් යුද්ධයක් විසින් ගෙන එන ලද මහා පරිමාණ සංක්‍රමණය සිරියානු ආර්ථිකයට ස්ථිරවම හානි කර ඇත.
අද දක්වාම, අරාබි වසන්තයෙන් පීඩාවට පත් රටවල, පවතින තත්ත්වයට කැමති අය සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් කැමති අය අතර විශාල බෙදීමක් පවතී. මෙම කලාප දේශපාලන ගැටුම්වල ගැඹුරට කිමිදෙන විට නව අදහස් ස්ථාපිත කළ හැකි දැයි හෝ පැරණි ආයතන තවමත් ශක්තිමත් වේද යන්න පෙන්නුම් කරනු ඇත. පූර්ව විප්ලවයේ සිට පශ්චාත්-විප්ලවය දක්වා වූ විශාලතම වෙනස වූයේ දේශපාලන ප්‍රභූන් බිඳ දැමීමට සහ මැද පෙරදිග භූ දේශපාලන ව්‍යුහය නැවත සකස් කිරීමේ උත්සාහයයි. අරාබි වසන්තය විසින් ගෙන එන ලද බොහෝ වෙනස්කම් මැදපෙරදිග කලාපීය බලය මාරු කිරීමට සහ ඉක්මනින් වෙනස් වන බල ව්‍යුහයකට තුඩු දෙනු ඇතැයි අනුමාන කෙරේ.
අරාබි වසන්තයේ ආදීනව
ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් නව අරාබි වසන්තයක් ගැන සිහින දකින අතරතුර අරාබි සහ බටහිර විද්වතුන් වසර 12කට පසුවත් එහි සාර්ථකත්වය සහ අසාර්ථකත්වය ගැන ගැඹුරින් විග්‍රහ කරමින් සිටිති.
Tha Harvard Gazette හි පළ වූ විමර්ශනාත්මක ලිපියක් මඟින් 2010 දී සිදු වූ අරාබි වසන්තයේ සාර්ථකත්වය ගැන විද්වත් විමසුමක් කර ඇත. එය පවසන්නේ ‘2011 ජනවාරි මාසයේ අරාබි වසන්තය ලෙසින් හැඳින්වෙන මහජන නැගිටීම ආරම්භ වී වසර දහයකට පසුව, ශුභවාදී බව සොයා ගැනීමට අපහසු විය හැකි’ බවයි.
අලි සදෙක් නම් පෙරදිග ශිෂ්ටාචාර පිළිබඳ හිටපු අතිරේක මහාචාර්යවරයා පවසන්නේ ඊනියා "අරාබි වසන්තය" එදත් අදත් අරාබිවරුන්ට ව්‍යසනයක් වූ බවයි.
මහාචාර්ය අලි සදෙක් අරාබි වසන්තයේ අසාර්ථකත්ය සහ ඊට තුඩුදුන් යටි අරමුණු ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මෙසේ පැවසුවේය.
‘ එය ඊශ්‍රායලයට ආශීර්වාදයක් වන නමුත් ඇමරිකා එක්සත් ජනපදයට අහිමි වූ ප්‍රධාන අවස්ථාවක්. යථාර්ථයේ දී, "අරාබි වසන්තය" යනු " අල්-ඉඛාන් අල්-මුස්ලිමූන් " (මුස්ලිම් සහෝදරත්වය / MB) ට සහය දැක්වීමට සහ අවසානයේ ඔවුන්ගේ බලය අල්ලා ගැනීම ශක්තිමත් කිරීම සඳහා ඔබාමා / ක්ලින්ටන් පරිපාලනය විසින් සකස් කරන ලද, මුදල් යෙදවූ සහ ක්‍රියාත්මක කරන ලද සැලැස්මක්. 2010 අවසානය වන විට සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අතර ආරම්භ කිරීමට හේතුවක් බලා සිටියා. ප්‍රධාන සැලැස්ම වූයේ මුලින්ම ඊජිප්තුවේ පෙළපාළි ආරම්භ කිරීමයි. මුහම්මද් නබිතුමාට නිග්‍රහ කරමින් ඊජිප්තු ක්‍රිස්තියානි පල්ලිය විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කළා.
ඇත්ත වශයෙන්ම මෙය සත්‍ය නොවේ. නිෂ්පාදකයා අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයේ පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නඩු විභාගයක් පැවැත්වුණා. මෙය ඊජිප්තුවේ කෝපාවිෂ්ට පෙළපාළිවලට තුඩු දුන් නමුත් රාජ්‍ය විරෝධී ප්‍රකාශනයන් සඳහා බලාපොරොත්තු වන තරමට ව්‍යාප්ත වූයේ නැහැ.
තවත් යමක් අවශ්‍ය වුණ ටියුනීසියාවේ Sidi Bouzid හි කුඩා ග්‍රාමීය නගරයක මෙම ගිනි පුපුර වැදී ඇති අතර, එහිදී අතෘප්තිමත් පලතුරු වෙළෙන්දෙකු (Bouazizi) විරෝධය දක්වමින් සිය දිවි නසා ගත්තා. (බලපත්‍රයක් නොමැතිකම නිසා ඔහුගේ පලතුරු කරත්තය පොලිසිය විසින් රාජසන්තක කරන ලදී). ඉන් පසුව, වහාම වාගේ ආණ්ඩු විරෝධී පෙළපාළි ආරම්භ වූයේ, ඒවා කලින් සැලසුම් කර සංවිධානය වූවාක් මෙනි ( ඇත්ත වශයෙන්ම එය එසේම විය).
සියලුම ඊජිප්තු නගරවල (හොඳින් පෙර සැලසුම් කළ සහ සංවිධානාත්මක) හොඳින් සම්බන්ධීකරණය කරන ලද දැවැන්ත පෙළපාළි මඟින් අතෘප්තිය පූර්ණ පරිමාණයෙන් ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මෙය ඊජිප්තුවරුන් දිරිමත් කළා. සිත්ගන්නා කරුණ නම්, මුස්ලීම් සහෝදරත්වය කැපී පෙනෙන ලෙස නොපැමිණීම, ගැටුමෙන් බැහැරව සිටීමයි. නිදහස සඳහා වූ ජනතා පෙළපාළි හුස්ම නොගෙන වාර්තා කරන මාධ්‍යවලට, විශේෂයෙන් අල්-ජසීරා සහ සමහර බටහිර මධ්‍යස්ථානවලට ආහාරයක් බවට පත්වන රජයේ දැඩි ප්‍රතිචාරය සංවිධායකයින් සහ ඔවුන්ගේ රූකඩ ස්වාමිවරුන් හොඳින් දැන සිටියා.
නායකත්වයේ රික්තකයක් නිර්මාණය කරමින් ආණ්ඩු වැටුණු අතර, මුස්ලිම් සහෝදරත්වය එක රික්තකය පුරවන එකම සංවිධිත කණඩායම ලෙස සතුටින් ඉදිරිපත් කළා. (ඔවුන් අපේක්‍ෂාවෙන් සූදානම්ව සිටි නිසා සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් පිටුබලය දුන් නිසා). ඔවුන් පහසුවෙන් තම ඉලක්කය සපුරා ගත් අතර ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ රජය බාර ගත්තා. අරාබි ජාතීන් විසුරුවා හැරීම ආරම්භ වුණා!
"අරාබි වසන්තයේ" සැලසුම්කරුවන්ගේ අවසාන අරමුණ සහ ඉලක්කය වූයේ උම්මා නමැති මායාකාරී ආවරණය යටතේ අරාබි රටවල් වාර්ගික, ගෝත්‍රික සහ ආගමික කණ්ඩායම් මත පදනම් වූ කුඩා රාජ්‍යයන් බවට බිඳ දැමීමයි. අවසාන ඉලක්කය වන්නේ අරාබි ස්වෛරී රටවල් 24 ෆිෆ්ඩම් 60 කට කැඩීමයි. පැරණි කියමන " බෙදා, ජයගෙන පාලනය කරන්න. ”මෙම කුඩා රටවල් නොවැදගත් මිලිටරි තර්ජනයක් ඇති කරන අතර යුද්ධයකදී ඊශ්‍රායලයට පහසුවෙන්ම තළා දැමිය හැකියි. එසේම බටහිර බලවතුන් මත විශ්වාසය තබා පහසුවෙන් කළමනාකරණය කිරීම කළහැකියි. සූදුව සාර්ථක වී ඇත්ද යන්න කාලය පමණක් කියනු ඇත. හැබැයි කොහොමත් අරාබි කාරයෝ ආයෙත් පැරදුණා’
මේ සමහරු ඉහළින් වර්ණනා කරන අරාබී ජනතාවට පරාවළල්ලක් වී ඇති අරාබි වසන්තය ගැන වත්මන් අරාබි ලෝකය දකින අයුරුය. මේ විද්වතුන් කියන දෙයම ඔබට විශ්වාස නොකළ යුතුය. අවශ්‍ය නම් වත්මන් ටියුනීසියාව, ලිබියාව, ඊජිත්තුව සහ සිරියාව දෙස බලන්න ! යෙමනය දෙස බලන්න. ළදරු වලිප්පුකාර ෆෙස්බුස් විප්වලවය විසින් අද එම රටවලට උරුම කර ඇති ඇති ඉරණම ගැන ඔබට පහසු වැටහීමක් ලබා ගත හැකිවනු ඇත.
WhatsApp වසන්තය
අද අරාබි විද්වතුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා ඊනියා අරාබි වසන්තය ගැන පසුතැවිලි වෙමින් සිදු වූ වරද නිවැරදි කරගත හැකි සැලසුම් ගැන වෙහෙසෙද්දී ශ්‍රී ලංකාව අරාබි වසන්තය - 2 ගැන සිහින දැකීම හාස්‍යයට වඩා ඛේදවාචකයක් වන්නේ 2015 දී ‘දේදුණු විප්ලවයක්’ සිදු කළ බවට වහසි බස් දෙඩූ නිසාය. 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අර්ථකථනය කරනු ලැබුවේ ‘දේදුණු විප්ලවය’ ලෙසින් බව අප අමතක නොකළ යුතුය.
කොවිඩ් වසංගතය, යුක්‍රේන් - රුසියා යුද්ධය සහ රජයේ පාලනයෙන් බැහැර තවත් සංකීර්ණ කාරණා කිහිපයක ඍජු ප්‍රකාශනයක් වන ‘විදේශ විනිමය අර්බුදය’ විසින් අනපේක්ෂිතව නිර්මාණය කළ වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ ශ්‍රී ලංකාව ඊනියා අරාබි වසන්තය - 2 වෙත යන්නේ නම් එමඟින් සිදුවන ව්‍යවසනය 2015 දේදුණු විප්වලය හෝ අරාබි වසන්තය විසින් නිර්මාණය කළ ව්‍යසනයට වඩාත් වඩාත් ව්‍යසනකාරී වනු ඇත්තේ මේ ඊනියා වසන්තය නිසි පීතෘත්වයක් නැති ‘අවජාතක’ එකක් වීම නිසාය.
මෙය හුදු දේශපාලන මඩක් හෝ ප්‍රවාදයක් නොවන්නේ වත්මන් දේශපාලන උද්ඝෝෂණ සහ විරෝධතා තුළ පැහැදිලි දේශපාලන හෝ ආර්ථික ඉලක්කයක් පමණක් නොව දේශපාලන දැක්මක් පවා නැති නිසාය. දේශපාලන අත්දැකීම් ඇති, පොදුජන උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කර පරිචයක් ඇති කිසිවෙකු හෝ කිසිදු සංවිධානයක් ඇති බවක් දැකගත නොහැකි නිසාය.
මේ බව ඊනියා WhatsApp වසන්තය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමවාදී බලවේග විසින් ද, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික දේශපාලන පක්ෂ විසින් ද දයාපාල තිරාණගම, අජිත් පැරකුම් ජයසිංහ වැනි සමාජ මාධ්‍ය සම්බන්ධ ප්‍රවීණයන් විසින් ද තහවුරු කර ඇත.
මෙහිදී වත්මන් උද්ඝෝෂණ රැල්ලට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති ස්ථාවර ද දූරදර්ශී එකක් බව බොහෝ දෙනකුගේ අදහසයි. අප්‍රේල් 03 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති ඊනියා විරෝධතා ගැන ජවිපෙ නායකත්වය සිය ස්ථාවරය මේ වන විටත් පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර ඔහු අවධාරණය කරන්නේ වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙසය.
පසුගිය 31 වැනි පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ද අවධාරණයෙන් කියා සිටියේ ‘ජනතාව කුපිත කරන වැඩවලට එජාපය සහාය නොදෙන බවය.
රාජිතගේ හා සජිත්ගේ සූදානම
විරෝධතාවලට සිය පක්ෂයේ විරුද්ධ නොවන නමුත් මෙවැනි දේවල අවසානය කුමක් වේ දැයි කිව නොහැකි බවත් කී කාරියවසම් මහතා රාජ්‍ය දේපොළවලට හානි වී රට තවත් බරපතළ තත්ත්වයකට යා හැකි බවත් කීය. එනිසා දේශපාලනඥයන් වගකීමෙන් හැසිරිය යුතු බවත් රටේ වර්තමාන තත්ත්වය සිය දේශපාලන න්‍යාය පත්‍රවලට හරවා ගැනීමට ක්‍රියා නොකළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණ ද අවධාරණය කළේ “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” ගොදුරු නොවන ලෙසය. ‘මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. “අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න” නම් විරෝධතාව ද එවැන්නෙකි.
එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකිය’ යනුවෙන් අවධාරණය කරන ජාතික නිදහස් පෙරමුණ කරන බරපතළ ප්‍රකාශය ගැන ඊනියා වට්ස්අප් වසන්තයේ පහස විඳීමට ආසාවෙන් සිටිනවුන් අවධානය යොමු කළ යුතුය.
අනපේක්ෂිත විදේශ විනිමය අර්බුදයේ ඍජු ප්‍රකාශනය වන ඉන්ධන, ගෑස් සහ විදුලිය අර්බුදය දඩමීමා කරගෙන ‘ගොඩ යාමට’ මං සොයමින් සිටින්නේ කවුද යන්න මේ වන විට කිසිවෙකුට රහසක් නොවේ.
ඒ බව ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් ද මනාව පැහැදිලි වේ. ‘...කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම 3වැනිදා විරෝධතාවට සහභාගි වන බව පැවසීම මඟින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී.
රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු’
අප්‍රේල් 3ට පෙර වැඩ ඇල්ලීම
මෙම සටහන හමාර කිරීමට පෙර පසුගිය 31 වැනිදා රාත්‍රියේ ජනපතිවරයාගේ පුද්ගලික නිවස ඉදිරිපිට සිදු වූ අපකීර්තිමත් සිදුවීම ගැන යමක් සඳහන් කළ යුතුය. එම සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව මනුෂ්‍යත්වයට ද නිගරුවක් වන අතර මෙවැනි සිදුවීම් රට පහසුවෙන් අරාජිකත්වය කරා ගෙන යාමට පාරකපන බව නිසැකය.
එනිසා ගෑස් ටැංකිය හිස්වීම, ඉන්ධන පුරවා ගැනීමට නොහැකි වීම ආදි සිදුවීම් කිහිපයක් නිසා මුහුණ දෙන කෙටි කාලීන ආර්ථික දුෂ්කරතා මත සමස්ත රටත්, ජාතියත් මහා ව්‍යසනයක් කරා රැගෙන යා හැකි අරාජිකත්වයක් බිහි කිරීමට හෝ දේශපාලන අවස්ථාවාදීන්ට සහ අන්තවාදීන්ට උඩගෙඩි දීමට බුද්ධිමත් ජනතාව දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතුය.
තැල්ල බැඳීමට නම් බෙල්ල ආරක්ෂා කරගත යුතු බව අමතක නොකළ යුතුය.