
ශනි, හෙවත් සෙනසුරු නමින් හඳුන්වන මෙම ග්‍රහයා සූර්යයාගේ සිට ඇති සයවන (06) වන ග්‍රහයායි. මුල් සෞරග්‍රහ මණ්ඩලයේ ම දෙවන විශාලතම ග්‍රහයා වන්නේ සෙනසුරු ය. විශාලතම ග්‍රහයා වන්නේ බ්‍රහස්පතිය. සෙනසුරු බටහිර රටවල තාරකා විද්‍යාවට අනුව රෝමානු දෙවියෙකු වූ සැටර්නස් ගේ නමින් නම් කොට ඇත. ග්‍රීකයේ දී ක්‍රොනෝස්ට සමාන කර ඇති අතර බැබිලෝනියානු උප සංස්කෘතිය තුළ තාරකා විද්‍යාවේදී නිනුර්මාට ද සමානතා දක්වා ඇත. බහුල ලෙස හයිඩ්‍රජන් ඇති ග්‍රහයෙක් ලෙස ප්‍රසිද්ධිය ලබා ඇත.
හිරුගේ සිට සෙනසුරුට ඇති දුර කිලෝමීටර් බිලියන 1.4 ක් පමණ වේ.
පරිභ්‍රමණ වේගය තත්ත්පරයට කිලෝමීටර් 9.69 ක් පමණ වන අතර සූර්යා වටා (සෞරග්‍රහ මණ්ඩලය හා රාශි 12 වටා) ගමන් කිරීමට පෘථිවියේ වර්ෂ අනුව වර්ෂ 29.5 ක කාලයක් ගතවේ. එක් රාශියකදී වර්ෂ 2.5 (2 1/2) කාලයක් ගමනේ යෙදී 2 මාස 5/6 ක් බැගින් 12 ක් ගැන ගත්විට වර්ෂ 30 පමණ කාලයක් ගතවෙයි.
සෙනසුරුට ඇති (සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති) දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් ගණන 60 කි. එයින් විශාලතම චන්ද්‍රයා වන්නේ නමින් ටයිටන් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයා වෙයි. එය ප්‍රමාණයෙන් බුධ ග්‍රහයාටත් වඩා විශාල ය. මුළුමහත් සෞරග්‍රහ මණ්ඩලයේම සැලකිය යුතු වායුගෝලයක් සහිත එම චන්ද්‍රයා මෙය වේ. විශ්වයේ සූර්යාට පසුව ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි ග්‍රහවස්තුවක් වෙනවා. රවි ගෙන් පසුව බ්‍රහස්පති (ගුරු) සෙනසුරු (ශනි) වේ. ඒවායේ ශක්තිය සිතා ගැනීමට පවා බැරිවෙයි. එතරම් විශ්වය ජනක වන්නේ එම ග්‍රහයන් දෙදෙනා තුළින් ම ඇති කරවන හොඳ නරක ප්‍රතිඵල කිසිම අයෙකුට නිශ්චිත වශයෙන් අවබෝධ කොට ගැනීමටත් ඒවාට විරුද්ධ ක්‍රියාත්මක වීමටත් නොහැකි බැවිනි.
වෘෂභ ලග්නයට ඉතා සෞම්‍ය වන අතර විටෙක රාජ යෝග පවා ගෙන දෙයි. (කුම්භ, මකර, තුලා හා සෙනසුරු වෘෂභයට යෝග කාරක වෙයි. කුම්භ හා මකර ලග්න දෙකම සෙනසුරුටම හිමි රාශි හෙවත් ලග්න දෙකක් වේ.
මේෂ ලග්නය රවිට හිමි වන බැවින් රවි (සූර්යා) ශනිගේ (සෙනසුරුගේ) භාරකරු - පියාවන බැවින් මේෂ රාශියේදී ශනිගේ බලය හීන වී මේෂයට ශනි නීච බලයෙන් යුතුවෙයි.
කුම්භ රාශියේදී - ශනි ලෝකෝත්තර වශයෙන් උසස් දියුණුවක් ඇති කරවන ඉතාමත් සුහදශීලී ග්‍රහයෙකු වේ. මකර රාශියේදී - ආත්මාර්ථ කාමීත්වයක් ඇති කරවා ගෙන මෙලොව සුඛවිහරණ පිණිසම දියුණුව පිණිසම උනන්දුව ඇති කරවයි.
තුලා රාශියේදී ශනි උච්ච බලයෙන් යුතුවේ. රාත්‍රී කාලයට හා අපර දිශාවට බලවත් වන සෙනසුරු අනුර, උත්‍රපුටුප, පුව නැකත් වලට අධිපතිවෙයි.
තවුස් දමට සිල්වත් මහණකමට ඉතා ඇලුම් කරන ස්වභාවයක් සෙනසුරුගේ ඇත.
ධන බලය ලබන්නට හිත, ආත්මය දමනය කරන්නට සමත් බැතිමතුන් නිර්මාණය කරන්නට සෙනසුරු ඉතා සමත් වෙයි. කෙසේ නමුත් සෙනසුරු අපලය යම් කෙනෙකුට ඇතිවුවහොත් එම නරක කාලය පුරාවටම ආගමික ජීවිතයකට යොමු වෙනවා හැර වෙන විකල්පයක් එම ජන්මියාට ඇත්තේ ම නැත. සැබැවින් ම සෙනසුරු යනු පෙර කරන ලද අකුසල කර්මයන්, පාප කර්මයන් මෙලොවදී විපාක දෙන ජීවිතේ දුක සැප අවබෝධ කොට යථාර්ථය වටහා දෙන ග්‍රහයෙකි, ග්‍රහ බලයකි.
උපතේදී හෝ ගෝචර ගමනේදී සෙනසුරු ලග්නයට පැමිණි විට ලග්න ඒරාෂ්ටකය ඇතිවෙයි. (පළමු රාශියට) 1 කොටුවට ලග්නයෙන් 2 හෝ 12 වැන්නට පැමිණීම ද ලග්න ඒරාෂ්ඨක අපලය යැයි හඳුන්වති. මෙම මුල් කාලය 2 1/2 බැගින් 3 ක් වේ.
මුල් කාලය වසර 7 1/2 කි. උපතේදී සඳු හෙවත් චන්ද්‍රයා සිටි රාශියට ගෝචර ගමනට ශනි අවතීර්ණ වූ විට චන්ද්‍ර ඒරාෂ්ටකය ද එම ලග්නයේ සඳුගේ දෙපස ගෝචර කිරීම ජන්ම ඒරාෂ්ටක ලෙසද හඳුන්වයි. ගෝචර ගමනින් 8 වැන්නට පැමිණි විට අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලෙස හඳුන්වන අතර 8 වැන්නට ශනි ගමන මාරක ස්ථානයට ශනි පැමිණීම ලෙස දැක්විය හැකි ය.
මෙම ග්‍රහ බලය ඇති කාලයකදී සෙනසුරු මහා දශාවක් යෙදී ඒ තුළ අතුරු දශාව ද විදශාව ද සෙනසුරුගෙන් ම පැමිණිය හොත් ඒ තුළම උපතේදී සඳු 8 වැන්නේ යෙදී තිබුණ හොත් මෙම ජන්මියා නියත වශයෙන් ම පූර්ණ කාලීන ආබාධිත හෝ හදිසි මරණයට පත්වන බව දත යුතුයි.
මේ අතරට ශනිගේ මහ දශාව යෙදී සිකුරුගේ අතුරු දශාවක් හා විදශාවක් යෙදී ඉහත ග්‍රහ බල යෙදුම ඇති වුවහොත් සිහි විකල්වීම, දේපළ අහිමිවීම, අත පය බිදීයාම, ලේ වැගිරීම ආදී බලවත් විපත් ඇතිවයි. සිකුරුගේ මහා දශාවක් යෙදී අතුරු දශාව හා විද්‍යාව ශනිගෙන් යෙදී 8 වැන්නේ ශනි හෝ සඳු උපතේදී යෙදී ශනි සමඟ ගෝචර වූ විට සියල්ල අහිමිවූ හුදකලා අපිස් දිවියක් ගත කරන්නට සිදුවෙයි.
එහෙත් කුසල බල වැඩිවී පින්බල සහිත නම් සුළු ආබාධ සුළු දෝෂ ගැටලු ඇතිවී බලවත් බාධා මඟ හැරී යනු ඇත. යම් ජන්මියෙකුගේ උපන් ලග්නයෙන් (රාශියෙන්) 3/6/11 ස්ථානවලදී ශනි සුබ රාශියක සිටියේ නම් සැප විපාක ලබාදෙයි.
ඇති කරන දේ - නැති භංග කරදෙන එකම ග්‍රහයා සෙනසුරු බව දත යුතුයි.
පින් කළොත් පිනේ ඵලය උදාවන බවත් කුසල් රැස් කළොත් සැප, යස, ඉසුරු වාසනාව ලැබෙන බවත් අකුසල් හා පවුකම් තුළින් නරක, නපුරු භයංකාර දේ නිතර සිදුවන බවත් සොයුරුගේ (ග්‍රහ දෙවියන්ගේ) හැඳින්වීම තුළින් අපට විද්‍යාමාන වන විශේෂ කරුණක් වේ. සෙනසුරා දුකට අධිපතියා ලෙස ද හඳුන්වා දිය හැකිය.
සෙනසුරුගේ බලවත් අපල වලින් බේරී සිටීම ද නරක විපත් ඇති නොවී ඒවා අහෝසිකර ගැනීමට ද විවිධ ක්‍රමෝපායන් ඇති බව දැනගෙන කටයුතු කළහොත් බාධාවන් බාධාවක්කර නොගෙන ජීවිතය සැපවත්ව පැවතිය හැකි ය.
විශේෂයෙන් ම සෙනසුරු දින පවත්වන බෝධි පූජාව මහා ගුණ බලසහිත යි. ෙම් වසෙර් අප්‍රියෙල් 29 දිනට යෙදෙන සෙනසුරු මාරුවට ප්‍රථම පහත දැක්ෙවන පිළිෙවත් අනුගමනය කරන්ෙන් නම් යහපත් ෙව්
•1 ක්‍රමය
සෙනසුරාදා අලුයම කාලයේ 5/6 ආහාර පිරිසිදුව සකස් කර ගත් කිරි ආහාර - ගිතෙල් මිශ්‍ර කිරි බතක් නොයිඳුල්ව ගෙන උතුම් ශ්‍රී සම්බුද්ධ පූජාව පැවැත්විය යුතුයි.
මෙම පූජාව බෝධි මූලයකදී පැවැත්වීම හොඳයි. ගිලන්පස ලෙස පලතුරු යුෂ වර්ග 3 ක් කසාය වීදුරුවක් කිරි වීදුරුවක් හා පෙරාගත් පැන් වීදුරුවක් තැබීම හොඳයි. නිල් පැහැ මල් වර්ග සුදු පැහැ මල් හා මල් මාලා බෝධියට පූජා කිරීම හොඳයි. බුලත්, 9 ක්, කාසි 9, තෙල් මල් සුවඳ කවා සියල්ල ගාථා සජ්ඣායනා කොට පූජා කළ යුතුයි. රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, මහා අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත එකවර බැගින් සජ්ඣායනා කළ යුතුයි. අවසානයේ තමන්ගේ ජීවිතයට මෙම පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කොට ඥාතීන්ට පින්දෙන්න - විෂ්ණු දෙවි ප්‍රධාන කොට අවසානයේ සකල ලෝකවාසී දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
සියලු අකල් කර්ම ග්‍රහදෝෂ දුරුවේවායි ප්‍රාර්ථනා කරන්න. විනාඩි 15 ක් පමණ ආනාපාන සති භාවනාව වැඩීමත් මෙත් වැඩීමත් සිදු කළ යුතුයි.
තවත් විනාඩි 10 කට පසුව, පූජා කළ සියලු දේ එම ආසනයෙන් ඉවත් කොට මල් ආසනයට පැන් ඉස පිරිසිදු කළ යුතුම වෙයි. (මෙය අනිවාර්ය ක්‍රියාවකි) දියර වර්ග ගිලන් පස නොපෑගෙන තැනකට ඉවත් කරන්න.
කිරි බඳුන කිරි ආහාර සමඟ මිශ්‍ර කර මාළුන්ට, කපුටන්ට, සුනඛාදීන්ට ආහාර පිණිස දෙන්න. මෙම විශේෂ සෙනසුරු ආශිර්වාද බෝධි පූජාව මෙසේ සෙනසුරාදා දින 9 ක් නව අරහාදී බුදු ගුණ උදෙසා නවංග උපෝසථ ශීලය උදෙසා, නවග්‍රහයින් නවදෙනා වහන්සේ උදෙසා සිදු කළ යුතුයි. උදේ කාලයේ පූජාව අලුයම 5 - උදෑසන 7.30 අතර සිදු කොට නිමා කළ යුතුයි. 7.30 පසුව පූජාව කිරීම සුදුසු නැත. කාසි 9 යාචකයෙකුට දීම හෝ පින් කැටයට දැමීම ද සිදු කළ යුතුයි. නිසි පරිදි ගෞරවයෙන් කරන ලද මෙම බෝධි වන්දනාව හා උතුම් බුද්ධ පූජාවෙන් සෙනසුරුගෙන් වන බොහෝ විපත්වලින් වැළකී සිටිය හැකි ය. මෙම පිළිවෙත් දින 7 ක් 9 ක් සිදු කොට නො නැවතී ඉතා දිගු කලක් පවතින සෙනසුරුගේ ඒරාෂ්ටක අපල වලදී මාස 3 කට වරක් හෝ සිදු කිරීම ඉතා හොඳයි.
•2 පිළිවෙත්
රාත්‍රි කාලයේ පූජාව පැවැත්විය යුතුවන්නේ රාත්‍රි 8 න් 9 අතරට එය නොකඩවා දින 19 ක් දිනපතා පැවැත්විය යුතුයි.
ආරම්භ කළ යුත්තේ පුරපක්ෂයේ සෙනසුරාදා දිනක වීම විශේෂයි. නිර්මාංශවීම ප්‍රතිඵල වැඩි කරයි. නිල් පාට සියලු මල්වර්ග, දම්පාට සියලු මල් වර්ග, මල් වැල්, මල් මාලා පූජා කිරීමට ගන්න. එළඟිතෙල්, තල තෙල්, පොල් තෙල්, සමඟ මිශ්‍රකර පහන් 7 ක් පත්තු කරන්න.
කසාය බෙහෙත් වර්ග 3, පලතුරු යුෂ වීදුරු 2 ක් උණු පැන් 1, සිසිල් පැන් 1, කටරොඬු මල් හෝ තම්බාගත් සුදුහඳුන් වතුර 1, උක් හකුරු, දැහැත්, කාසි 7 ක් බෙහෙත් සමඟ පූජා කරන්න. ගාථා සජ්ඣායනා කොට සියලු දේ පූජා කළ යුතුයි. රතන සූත්‍රය 3 වරයි. අභිසම්භිධාන පිරිත 3 වරයි, අටවිසි පිරිත 3 වරයි, ශබ්ද නගා සජ්ඣායනා කරන්න.
නවග්‍රහ ශාන්තිය කියන්න. පෙර පරිදිම පින් අනුමෝදන් කරන්න. මෙත් වඩන්න, ආනාපාන සති භාවනාව කරන්න. සෙනසුරාදා උදේ කාලයේ ගිතෙල් මිශ්‍ර කිරි බතක් උයා නුග ගසක් යට ගිතෙල් පහනක් පූජා කොට කිරිබත් ලොකු ගුලි 9 ක් සාදා නුග පත්‍ර මත තබා සෙනසුරු දෙවි ග්‍රහතුමෝ සිහිපත් කොට පිළිගන්වා තැබීමත් එම කිරිබත් කපුටන්ගේ කෑමට ඉඩ හැරීමත් හොඳයි.
•ඒරාෂ්ටකය බලවත් නම්
මරණයට වෙන් කළ ගවයෙකු හෝ එළුවෙකු නිදහස් කිරීම කුකුලන්, මාළුවන් නිදහස් කිරීම හොඳයි.
විෂ්ණු දෙවියන්ට, කතරගම, දෙවියන්ට, ගම්භාර දෙවින්ට නිතර පින් අනුමෝදන් කිරීම - පූජා තැබීම, තල තෙල්, අබ තෙල්, ගිතෙල් මිශ්‍ර පහන් පිදීම හොඳයි. සෙත් කවි සාදවා ඉහත දෙවිනමට ගායනා කොට පිහිට පැතීම ද කළ යුතුයි.
මහාරතන යන්ත්‍රය - 2222 වර පිරිත් කොට පැලඳීම හොඳයි. මහා අභිසම්භිධාන යන්ත්‍රය 1000 වර පිරිත් කොට පැලඳීම හොඳයි. මහා ශනි මෘතංජය, නීල මණ්ඩල යන්ත්‍රය, විෂ්ණු ආඝෝර යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, තුන් දොස් කපා 108 වර මතුරා පැලඳීම හොඳයි. කාක නිලක් අල්ලා රිදී මුදුවක් පිරිත් කොට මැදැඟිල්ලේ පැලඳීම හොඳයි. සියලු යන්ත්‍ර පස්ලෝ හෝ රිදී තහඩුවේ ඇඳ පිරිත් බල පුරවා රිදී හෝ රන් සුරයේ පැලඳීම හොඳයි.