
අංක 149/86/4, අඹහේන වත්ත, කළුවල පාර, ගණේමුල්ල ලිපිනයේ පදිංචි එච්.ඒ. සියුම් ඉඳුවර ජයරත්න නමැති 15 හැවිරිදි දරුවා උපතේ සිට අත් හා පාදවල ආබාධයකින් සහ ඇස් පෙනීමේ ආබාධයකින් පෙළේ.
මේ වන විට ඔහු පාදවල සහ අත්වල ඇඟිලි වෙන් කිරීම සැත්කම් 10කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති අතර, පාදවල පවතින ඇදය හේතුවෙන් ඇවිදීමට අපහසුය. වෛද්‍ය සායන සඳහා රැගෙන යෑමට මෙන්ම ඔහුට අවශ්‍ය බෙහෙත් සහ පෝෂ්‍යදායී ආහාරපාන සඳහා වැය වන මුදල දැරීම ඔහුගේ මවුපියන්ට විශාල ගැටලුවක් බවට පත්ව ඇත. ඉඳුවර ට අවුරුදු 6ක් වයසැති බාල සොහොයුරකු ද සිටින අතර ඔවුන් ජීවත් වන්නේ පියා විසින් ලී මෝලක දවසේ වැටුපට වැඩ කිරීමෙන් උපයා ගන්නා සුළු මුදලිනි. පියා ද නිතර අසනීප තත්ත්වයේ පසුවන අතර, ඔහුට එක් ඇසක පෙනීම ද අහිමිය. අසනීපයෙන් පසුවන සියුම් ඉඳුවර දරුවා මේ වන විට අධික තරබාරුකමින් ද පීඩා විඳින අතර වාහනයක් නොමැතිව ඔහු රෝහලේ සායන කරා ගෙනයෑම මේ වන විට ඉතා අසීරු කාර්යයක් බවට පත්ව ඇත. දරිද්‍රතාවයෙන් දැඩිව පීඩා විඳින තම පවුල එයින් මුදවා ගැනීම සඳහා ඉඳුවරගේ මව වන ඩී. හංසිකා ස්වයං රැකියාවක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන් සිටින අතර ඇය රියැදුරු බලපත්‍රය ද ලබාගෙන ඇත. ස්වයං රැකියාව දියුණු කරගැනීමට සහ දරුවා වෛද්‍ය සායන සඳහා ගෙන යෑමට පැරණි ත්‍රිරෝද රථයක් හෝ කිසිවකු විසින් ලබාදීමට කාරුණික වන්නේ නම් එය මහඟු පුණ්‍යයකර්මයක් වනු ඇත.
සම්පත් බැංකුවේ ගණේමුල්ල ශාඛාවේ ඩී. හංසිකා නමට ඇති 107853856685 දරන ගිණුමට ඔබට හැකි අයුරින් ඔවුන් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහයක් දැක්විය හැකි අතර, ඔවුන් පිළිබඳ තොරතුරු 0334 913 309 අංකයෙන් ලබාගත හැකිය.