
1 මේ ගැසට් ගහලා තියෙන්නේ වෘත්තිය සමිති සමඟ තියන ගැටලු නිරාකරණය කර ගැනීමට දේශපාලනිකව තීන්දු තීරණයන් ලබාදීමට ආණ්ඩුවට නොහැකි නිසයි. ඒ නිසා වෘත්තීය සමිති මර්දනය සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයන් ගෙන තියෙන්නේ. වෘත්තීය සමිති සමඟ සාකච්ජා මාර්ගයෙන් වෘත්තීය ගැටලු විසඳා ගැනීමට නොහැකි නිසා වැඩ වර්ජනය කරන පිරිස් එළියට දාන්න පුළුවන්; මේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළාම. මේ වෘත්තිය ගැටලු කාලයක් තිස්සේ තියෙනවා. නමුත් ඒවා විසඳලා නැහැ. ඒ කෙසේ වෙතත් සියලු පාර්ශ්වයන් රටේ පවතින තත්ත්වය හමුවේ ටිකක් සංවේඳී වෙන්න අවශ්‍යයි. මෙවැනි වෘත්තීයමය අරගල කරන අයත් මේ රටේ පවතින වතාවරණය ගැනත් ඒ වගේම ජනතාවගේ පැත්තෙනුත් හිතන්න වෙනවා. මස්රාත්තලම හැමෝම ඉල්ලන්න ගියොත් ගැටලු මතුවෙනවා. නමුත් වෘත්තීය සමිති මර්දනය සම්බන්ධයෙන් අපි සම්පූර්ණයෙන්ම රජයේ ප්‍රතිපත්තියට විරුද්ධයි. .
2 අපේ කාලයේ මිල සූත්‍රය ඉදිරිපත් කළේ මිල ඉහළ යන විට ජනතාවට යම්කිසි විදියකට සහනයක් දෙන්නයි. වැඩි උච්ඡාවචනයක් වුවහොත් අදාළ ක්ෂේත්‍රයේ අයට එය බලපානවා. රුපියල් 10 කින් 15කින් ඉහළ ගියොත් මිල ස්ථාවර තැනක තබාගත යුතුයි. ඒ නිසා මිල සූත්‍රය ඉදිරිපත් කරන විට අදාළ සියලුම පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න අවශ්‍යයි. අපි අපේ ආණ්ඩුව කාලයේ මෙවැනි දේවල්වලදී සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කළේ. ආණ්ඩුවෙන් එක පාරට මිල සූත්‍රයක් දානවාට වඩා මිල උච්ඡාවචනය අඩු කරන්න ක්‍රමවේදයන් තිබිය යුතුයි. රුපියල් 10කින් මිල ඉහළ ගියත් එහිදී රුපියල් 5ක් ජනතාවට වැඩි කරලා ස්ථායිතා අර මුදලකට ඉතිරි 5ක් අය කරන්න අවශ්‍යයි. රුපියල් 10 පහළ ගියාම රුපියල් 5ක් පාරිභෝගිකයාට දිය යුතුයි. ස්ථායිතා අරමුදලින් රුපියල් 5ක් අය කරගත යුතුයි. මිල සූත්‍රයක් ගේනවා නම් ස්ථායිතා අරමුදලක් තිබිය යුතුයි. ඒවගේම අදාළ සියලු දෙනා එකඟ විය යුතුයි. ඉහළ සහ පහළ යනවිට එයට අදාළව සංච්තයක් තියෙන්න අවශ්‍යයි.
3. මේ ඊටීඑෆ් සහ ඊපීඑෆ් ප්‍රශ්නය ගැන මුලින්ම පසුගිය සඳුදා 07දා මමයි හෙළිදරවු කළේ. ඉන්පසුව බොහෝදෙනා මේ වටා එක්රොක් වුණා. මේ ආණ්ඩුව මේ ගැන කොළේ වහලා හංගපු එක හොයා ගත්තේ මමයි. මේ වනතුරුත් එයට නීත්‍යානුකූලව විසඳුමක් නැහැ. අපි පක්ෂයක් ලෙස මේ ගැන සමාජ ගත කළාට පසුව බොහෝ අය කතා කරන්න ගත්තා. තවමත් මෙය නීතියක් ලෙස වෙනස් කරලා නැහැ. තැන් තැන්වල මේ අරමුදල ගන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් එය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දැනටත් අර්ථ සාධක අරමුදලට බද්දක් ගහනවා. ඒ බද්ද ගහන්නේ අර්ථ සාධක අරමුදලේ ආයෝජන ලාබයට. ඒක හැමදාම ගහපු බද්දක්. එය 14%ක බද්දක්. මේ අලුතින් අය කරන්න හදන බද්ද 25%ක බද්දක්. ඒ බද්ද අය කරන්න හදන්නේ 14% ක දැනට තියන බද්දට අමතරවයි. ඒ සඳහා පසුගිය 7වැනිදා ගැසට් එකක් ගැහුවා. කෙසේ වුවත් 2017 දී අංක 24ක දරන ආදායම් පනතට ප්‍රකාරව රුපියල් බිලියන 2ක වඩා වැඩි සමාගම්වලට මේ බදු අය කරන බව සඳහන් වෙනවා. ඒ පනත අනුව සමාගම නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා සඳහන් වෙනවා. නව ගැසට් එකේ තියන සමාගමවලට පුළුල් පරාසයක් අයත් වෙනවා. මෙහිදී සංස්ථාපිත සමාගම , සංස්ථාපිත නොවන සමාගම්, මිත්‍රශිලි සමාගම, අර්ථ සාධක අරමුදල, විශ්‍රාම අරමුදල් යන සියලු දේ නිර්වචනය වෙන්නේ සමාගම් ලෙසයි. මේ සියලු දේට බද්දක් වදිනවා. මේ ගැසට් එකේ තියන විදිහට අර්ථ සාධක අරමුදලට මේ බද්ද වදිනවා. එය වෙනස් කරන්න නම් ගැසට් එක රිවස් කරලා නව ගැසට් එකක් ගහන්න අවශ්‍යයි. ඉන්පසුව සමාගම නිර්වචනය විය යුත්තේ 2007 සමාගම් පනතට ප්‍රකාරව කියලා එහි සඳහන් කළ යුතුයි. මේ පනත ඉවත් කිරීමට නම් මේ අලුතින් නිකුත් කරලා තියන ගැසට් එක වැරදි බව සඳහන් කරමින් එසේ නැතිනම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා සම්මත කරගන්න අවශ්‍යයි. මේ ගැසට් එකෙන් අර්ථ සාධකය ඉවත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්න අවශ්‍යයි.
4 ඉතා සුළු මුදලකින් සමෘද්ධිය 1000කින් 800කින් සහ 500 වැනි මුදලින් වැඩි කරලා තියෙනවා. ආහාර උද්ධමනයන 25%ක වැඩිවෙලා තියෙනවා. වැඩි කළ මේ මුදලින් මොනවද කරන්න පුළුවන්. හාල් කිලෝ 5ක පමණ වැඩිවීම සමනය කරන්න පුළුවන්. අද වන විට ගෑස් කීයද මොනවද මිනිසුන්ට ලැබිලා තියෙන්නේ. උද්ධමනය හමුවේ ජනතාවට මේවැනි දේවල් දිලා ජනතාවගේ උද්ධමනය පාලනය කරන්න බැහැ.
5 අද වන විට බෙදා හරින්න බඩු කොහෙද තියෙන්නේ. මොනවද තියෙන්නේ ; බඩු මුකුත් නැහැ. මේ වනවිට සියලු දේවල් නැහැ; පෙට්‍රල් නැහැ; ඩීසල් නැහැ; අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ; හෙට අනිද්දා වෙනකොට විදුලියත් නැහැ. උත්සව කාලෙ වනවිට මුකුත් නැති වෙයි. හාල් හිඟය ගැන දන්න නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට ආසන්න වෙන්න පිටරටින් ගෙනත් තියෙනවා. මේ අයගේ කාබනික ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ පිටරටින් සහල් ගෙන්නුවාම. මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති තමයි මේ දේවල්වලට මූලික හේතුව වෙලා තියෙන්නේ.
1 ජනතාවගේ බදු මුදලෙන් තමන්ට වැටුප් ගෙවන බව රජයේ සේවකයන් වටහා ගත යුතුයි. ඒ අය ජනතාවගේ මුදලින් යැපෙන පිරිසක්. ජනතාවට හිරිහැරයක් නොවෙන පරිදි කටයුතු කිරීම ඒ අයගේ වගකීමක්. සියලුම සේවකයන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට කටයුතු කිරීම වෘත්තිය සමිති වලට අයිතියක් තියෙනවා. නමුත් මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යම් සදාචාරක් තිබිය යුතුයි. අවුරුදු ගාණක් නිහඬව ඉදලා එක එක ගැටලු මුල්කරගෙන රට අපහාසුතාවට පත්වෙලා තියන වෙලාවේ මේ වගේ වෘත්තීය අරගල කරනවා කියන කාරණාව ඇත්තවශයෙන්ම සධාචාරාත්මක ද කියන ගැටලුව මතු වෙනවා. කොවිඩ් හරහා සිදුවූ ව්‍යසනය යුද්ධය හා සමානයි. මේ ඒ වගේ අවස්ථාවල අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපයට ගත්තාම ඒ සාපෙන් මිදෙන්න බැහැ. මේ අවස්ථාවේ වෘත්තිය අරගල කරන අයට ජනතාවගේ සාප වදිනවා. දේශපාලඥයන්ට පවා එහෙම වෙන්න පුළුවන්. හරියට වැඩ කළේ නැති නම් ජනතාවගේ සාපයට ලක්වෙන්න පුළුවන්. මේ වෙලාවේ හැකි තරම් රට ගැන හිතලා කටයුතු කරන්න අවශ්‍යයි. රජයක් ලෙස උපරිමෙන් ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ කටයුතු කරනවා. නැවත රට ගොඩනඟන්න ජනාධිපතිවරයා කටයුතු කරනවිට රටේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැති විදිහට ක්‍රියා කරන එක හොඳ නැහැ. මේ වර්ජකයන්ට අවශ්‍ය රටේ ආර්ථිකය කඩාකප්පල් කරලා දාන්නද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ රටක් ලෙස නැවත ගොඩනැඟෙන්නයි. මේ වෙලාවේදී සියලු දෙනා රට වෙනුවෙන් යමක් කළ යුතුයි. මේ අය කරන්නේ මේ රටේ අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළි ගන්න එකද කියන එක ගැටලුවක්. ඇතැම් වෘත්තීය සමිති දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුකූල කටයුතු කරලා මේ රට අපහසුතාවට පත් කරන්න හදන්නේ.
2 අදාළ ඛණිජ තෙල් ඇමැතිවරයාම කිව්වා ඒ කාරණාව පිළිබඳව. පෙර මිල සුත්‍රය ගේනවදද ඊට වඩා ජනතාවට හිතවාදී සූත්‍රයක්ද ඉදිරිපත් කරන්නේ කියලා අපි සොයා බැලිය යුතුයි. පසුගිය රජය අනුගමනය කළ ක්‍රමවේදය වැරදියි. මේ මිල සූත්‍රය ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාව දැනුම්වත් කළේ නැහැ. ඒ අය වහගෙන හොරෙන් කරපු නිසයි; අපිත් එදා විරුද්ධ වුණේ. ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ වැඩි වෙනකොට අපේ රටේ වැඩි වෙනවා; එසේම අඩුවෙන විට අඩුවෙන්න අවශ්‍යයි. ජනතාවට ආණ්ඩුවක් කරන දේ විනිවිදව පෙන්වා දිය යුතුයි. පාලකයා යමක් කරනවා නම් එය සාධාරණ ජනතා හිතවාදී නම් මිනිසුන් එය සුදුසු ක්‍රියාමාර්ගයක් නම් එකඟ වෙයි. මිල සූත්‍රය ජනතාව හිතවාදී එකක් විය යුතුයි. ජනතාව දැනුම්වත් කරලා ඉදිරිපත් කළ යුතුයි කියලා අපි කියන්නේ.
3 මෙය සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභයක්. රට සාමාන්‍ය තත්ත්වයක තිබියදී මෙයට අත තිබ්බා නම් අපිත් විරුද්ධ වෙනවා. නමුත් රටේ ජාතික ව්‍යසනයක් ඇතිවෙලා තියෙන්නේ. පවතින රටේ තත්ත්වයක් සමඟ රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්න විට ඒවා අපි හැමෝම කැමැති තීන්දු වෙන්නේ නැහැ. ඒ නිසා යම් අවස්ථාවක මෙයින් යම් මුදලක් ගනු ලබනවා නම් එයින් සාධාරණ දෙයක් මේ දිර්ඝකාලීන සිදුවන දෙයක් නොවෙයි. එහෙම කරන්නේ යමක් රට වෙනුවෙන් කිරීමට මිස කාගෙවත් පෞද්ගලික වුවමනා එපාකම්වලට නොවෙයි. සේවකයන් ගැන පමණක් නොවෙයි මුළු රටේ ජනතාව ගැන හිතලයි මේ තීන්දු ගනු ලබන්නේ .විකල්පයක් ලෙස මේවා කෙටිකාලීන ව ගනු ලබන තීන්දු. මේ වන විට රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙනවා. රටට එන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැති වෙලා තියෙනවා. රට නැවත ගොඩනැඟීමට අපි සිතිය යුතුයි. නැවත වතාවක් ඒ අපිට ආවේණික සුහදතාව හිතවක්කම සහ සංචාරකයන්ට අවශ්‍ය වටපිටාව රට තුළ ඇති කිරිමට සහාය දිය යුතුයි. අපි කළ යුතු වන්නේ ආදායම වැඩි කරගැනීමට ළඟම ඇති විසඳුම් සෙවීමයි. හොඳ සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගත යුතුයි. ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස සංචාරක ව්‍යාපාර නැවත ගොඩනැඟීම අනිවාර්යෙන් කළ යුතුයි.
4 අනිවාර්යෙන් ම දිය යුතුයි. ඒ අයට ලැබෙන සමෘද්ධි දීමනාවෙන් ජීවත් වෙන්න බැහැ. මේ අයට යම් දීමනාවක් වැඩිකිරීම පමණක් නොවෙයි; මේ රටේ දේශිය නිෂ්පාදනයන්ට මේ අයගේ දායකත්වය ලබාදිය යුතුයි. කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ පවුලට එදිනෙදා අවශ්‍ය දේවල් වැඩි දියුණු කරගැනීමට අවකාශයන් ලබාදිය යුතුයි. එය වක්‍රාකාරයෙන් රටේ ආර්ථිකයකට දායකත්වයක් ලබා දෙන නිසා ඒ අය උනන්දු කළ යුතුයි.
5 විශේෂයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේදී වෙළෙඳ ඇමැතිවරයාට ප්‍රකාශ කළා; උත්සව සමයට සිමා නොකර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත් මට්ටමින් තබාගන්න කියලා. ඒවගේම රටේ ජනතාවට එහි ප්‍රතිලාභය ලබාගන්න කටයුතු කරන්න කියන උපදෙස් දුන්නා. වෙළෙඳ ඇමැති වරයා මේ වනවිටත් ඒ සඳහා සුදානමින් කටයුතු කරගෙන යනවා.
1 රටේ මතුවෙලා තියන වෘත්තිය අරගල සහ වෘත්තීය සටන් නිසා විදුලිය සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තියෙන්නේ. ආණ්ඩුවට කළ යුතුව තියෙන්නේ සටන්වලට හේතු වූ පසුබිම සොයලා එහි සාධාරණත්වය ඉටුකිරීම හැර ඒ වෘත්තිය සටන් මර්දනය කිරීමට අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීම නොවෙයි. විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් නම් රෑට රෑට විදුලිය කපන්න අවසර දෙනවා ද කියලා ගැටලුවක් තියෙනවා. මේවා අත්‍යවශ්‍ය සේවාවක් නම් ආණ්ඩුවට විදුලිය කපන්න බැහැ. ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග ජනතාව ගැන හිතලා ගන්න ක්‍රියාමාර්ග නොවෙයි. ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණාම වෘත්තිය අරගලය මර්දනකාරී ක්‍රියාමාර්ග ගැනීමක් මේ කරන්නේ. මේවා ආණ්ඩුවේ බැරිකම වහගන්න ගන්න ක්‍රියාමාර්ග ලෙසයි අපි දකින්නේ. අත්‍යවශ්‍ය සේවා නම් ආණ්ඩුවේ වගකීම වෙන්න ඕන ඒ ගැටලු විසඳලා ඒ ගැටලුවලට සාධාරණ පියවර අරගෙන ජනතාවට අඛණ්ඩව විදුලිය සෞඛ්‍ය වැනි සේවා ලබාදීම.
2මින් පෙර ආණ්ඩුව මිල සූත්‍රය හදපු වෙලාවේ වර්තමාන ආණ්ඩුව එයට විරෝධය පළ කරලා එය වැරදියි කියලා කිව්වා. නමුත් දැන් මේ අය උත්සාහ කරනවා ඉන්ධන මිල සූත්‍රය පාවිච්චි කරන්න. කොයි ආණ්ඩුව මිල සූත්‍රය පාවිච්චි කළත් ඉන්ධන මිල සූත්‍රය කියන්නේ ජනතාව මත බර පටවන සූත්‍රයක්. මිල සූත්‍රයක් අනුව කළත්, සූත්‍රයක් නැතුව කළත් ජනතාව පිට බර පැටවෙනවා. මෙතෙක් සිදු වුණේ ඒ දෙයයි. තෙල් සංස්ථාව පාඩු ලබනවා නම් ඒ පාඩු ලැබීමට වගකිව යුතුවන්නේ පාරිභෝගිකයන් නොවෙයි. තෙල් සංස්ථාවේ ඇමැතිවරු ඇතුළු නිලධාරීන් සහ පාලන අධිකාරිය මෙයට වගකිවයුතු වන්නේ. නාස්තිය වංචා දූෂණ නිසයි මේවා වෙන්නේ. ඒවා අඩුකරන්නේ නැතිව මිල අඩු කරන්න බැහැ. අනෙක් කාරණාව තෙල්වලින් ආණ්ඩුව විශාල බද්දක් අය කරනවා. ආණ්ඩුව බලයට පත්වන කාලයේ තෙල් මිල අඩුවෙලා තිබුණා. ඒ අවස්ථාවේ ආණ්ඩුව තෙල් මිල අඩු කළේ නැහැ. ඒ වෙනුවට තෙල් සහනය පරිප්පුවලින් දෙනවා කිව්වා. පස්සේ ගැටලුවක් වුණාම පාවිච්චි කරන්න අමතර මුදල් එකතු කරලා තියා ගන්නවා කිව්වා. ඒ තෙල් අරමුදල පාවිචිචි කරලා මේ අර්බුදයෙන් පාඩු පියවා ගන්න පුළුවන්. තෙල් මිල අඩු වුණාම ඒ සහනය දෙන්නේ පරිප්පුවලින් නම් තෙල්මිල වැඩි කළාමත් පරිප්පු මිල වැඩි කර තෙල් අඩු කිරීමයි කළයුතු වන්නේ. තෙල්මිල සූත්‍ර කියන්නේ ජනතාවට සාධාරණ එකක් නොවෙයි. තෙල් මිල සූත්‍රය පාවිච්චි කරනවා මිල පහළ යන වෙලාවට. එහි වාසිය ආණ්ඩුව ගන්නවා. වාසි වෙලාවට වාසිය ආණ්ඩුව ගන්නයි අවාසිය වෙලාවට ජනතාව මත බර පටවන්නයි හදාගත්ත සූත්‍රයක්. මේ සූත්‍රයෙන් ජනතාවට යහපතක් සිදු වෙන්නේ නැහැ.
3 ඇත්තටම ආණ්ඩුවට සල්ලි නැති නිසා සල්ලි තියන තැන්වලින් ගන්නයි මේ උත්සහ කරන්නේ. මේ අධිභාර බද්දක් පනවන්නේ ඊටීඑෆ්, ඊපීඑෆ්වලටත් පැනවිය හැකි ලෙසයි. සමාගම්වලට පනවනවා කිව්ව මේ බද්ද අවශ්‍ය නම් ආණ්ඩුවට හැකියාව තිබුණා පනත් කෙටුම්පත නීතිය ගේන අවස්ථාවේදීම ඊපිඑෆ් හෝ ඊටීඑෆ් මේ සඳහා අයිති නැහැ කියලා වගන්තියක් දාන්න. නමුත් මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. ආණ්ඩුව හිතාමතාම වගන්තියක් දැම්මේ නැත්තේ ජනතාවගේ අවධානයක් මේ සඳහා නැතිනම් සල්ලි කොල්ල කන්නයි. පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනයන්වල සේවකයන් විශාල විරෝධයක් දක්වන නිසා මෙය හකුලා ගන්න හදන්නේ. මේ ඊපිඑෆ් සහ ඊටීඑෆ් එකතු කරගන්නේ නැහැ කියලා දැන් කියනවා. දැන් ආයෙ කියනවා ලාබ ලබන සමාගම්වලට පමණයි කියලා. එය අවංක ප්‍රකාශයක් නොවෙයි. ජනතාවගේ විරෝධය ආව නිසා දැන් මෙය අදාළ නැහැ කියලා කියනවා. විරෝධය ආව නිසා දැන් මෙය හකුලා ගන්න හදන්නේ. ආණ්ඩුව නිතර බලන්නේ මේ රටේ වැඩකරන පන්තියේ මිනිසුන්ගේ දේවල් කොල්ල කාලා තමන්ගේ වියදම් පියවා ගන්නයි. වැඩ ලක්ෂයක් ආරම්භ කළත් ඒදේවල්වලට සල්ලි නැති නිසා මේ අය සල්ලි හොයමින් ඉන්නේ. හැම ආණ්ඩුවට මේ සේවකයන්ගේ මුදල් දැක්කාම ඉන්න බැරි තත්ත්වක් තියෙනවා. ජනතාවගේ මුදල් සමඟ එසේ සෙල්ලම් කිරීම වැරදියි.
4 ආර්ථික අර්බුදයක් මැද අති දුෂ්කර විදියට ජීවත් වෙන ජනතාවට සහන ලබාදෙන එක හොඳයි. ජනතාව විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ අය අතර කිසිදු ආදායමක් නැති පිරිසක් ඉන්නවා. ඒ ජනතාව ජීවත්වෙන්නෙත් අතිශය දුෂ්කරතා මැදයි. මේ වනවිට විශාල ලෙස ඖෂධවල මිල ඉහළ යාම, විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම නිසා මේ සහනාධාර වැඩි කිරීමෙන් ප්‍රතිඵලදායක නැහැ.
5 ඉදිරි මාස කිහිපයම හිඟයක් නැතුව බඩු දෙනවා; ඒ කියන්නේම ණයට අරගෙන දෙනවා කියලයි. ඒ ණය නැවත ගෙවන්න අවශ්‍යයි. සමහර භාණ්ඩ ගබඩාවල ඇති මිල වැඩි කරලා විකුණන්න හිතාගෙන. ජනතාව පිටයි මේ සියලු බර පැටවෙන්නේ. මේ වනවිට රටේ භාණ්ඩ හිඟයක් තියෙනවා. එයට හේතුව විදෙස් සංචිත නැහැ; ඩොලර් නැහැ. භාණ්ඩ ගෙන්වීමට නිදහස් කරගැනීමට ඩොලර් නැහැ. කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් මුදාගන්න බැරිව තියෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වුණාම හිඟය විසින් මිල වැඩි කරනවා. මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය තවත් වැඩි වෙලා; රුපියල බාල්දු වෙලා. මේ රටේ හැම ආණ්ඩුවක්ම ණයට ජීවත් වුණා. දැන් ඒ තත්ත්වය නිසා රට විනාශය කරාම ගිහින්. බඩුගන්න ණය ගන්න වුණා; ණය ගෙවන්නත් සල්ලි ඕන වුණා. මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ක්‍රියාමාර්ග නිසා ඩොලර් නැති වුණේ. ණය ගෙව්වොත් බඩු ගන්න බැහැ. බඩු ගත්තොත් ණය ගෙවන්න බැහැ. නිෂ්පාදන උපාය මාර්ගයන් ගැන කල්පනා කළේ නැහැ. ඉස්සර ණය ගන්නේ ව්‍යපෘතිවලට. දැන් ආණ්ඩුව ණය ගන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න. පකිස්ථානයෙන් ඩොලර් මිලියන 200ක් ද ඔස්ට්‍රෙලියාවෙන් ඩොලර් මිලියන 200 ඉල්ලලා තියෙනවා. තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ගිවිසුමක් අත්සන් කළා. ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය නිසා අඩු අස්වැන්නක් තමයි මේ පාර ලැබෙන්නෙ. ඒ නිසා අපිට සහල් හිඟයක් එනවා. සහල් හිඟය පියවන්න සහල් ගේන්න වෙනවා. විදේශ විනිමය අර්බුදයක් තියන වෙලාවක රටට එය තවත් බරක්. මේ ආණ්ඩුව මහදැන මුත්තගේ නුවණ වගේ ක්‍රමවේද අනුගමනය කරන්නේ.