
කොවිඩ් වසංගතයත් සමඟම ඇති වූ ආර්ථික අර්බුදය විසඳීමට ගෙන ඇති පිළියම් මොනවාද?
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට බලපෑමක් ඇති වුවත් 2021 වසර තුළ රටේ ආර්ථික කටයුතු ශක්තිමත් ලෙස වර්ධනය වුණා. මේ අනුව, 2021 වසරේ මුල් මාස නවය තුළදී සියයට 4.4ක ආර්ථික වර්ධනයක් සටහන් වුණා. 2021 වසරේ ආර්ථික වර්ධනය සියයට 4ක්ද 2022 වසරේ වර්ධනය සියයට 5ක්ද වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම වර්ධනය ළඟා කර ගැනීමට ආර්ථික කටයුතු ඉක්මනින් ම යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සම්පූර්ණ කර ගැනීම ඉතා වැදගත්. ඒ වගේම වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් ම පහව යන තුරු 'නව සාමාන්‍ය තත්ත්වයට' හැඩ ගැසෙමින් අඛණ්ඩව ආර්ථික කටයුතු පවත්වා ගැනීම ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ වගකීම වෙනවා.
කොවිඩ් සමයේ දී වසංගත මර්දන කටයුතු සඳහාත් වසංගතයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහාත් රජයට වැඩි වියදමක් දරන්නට සිදු වුණා. ඒ සමඟ ම ආර්ථික කටයුතු දුර්වල වීම හේතුවෙන් රජයේ ආදායම් අඩු වුවත්, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමත් සමඟ රජයේ ආදායම නැවත සාමාන්‍යකරණය වනු ඇති බවට අපේක්ෂා කරනවා. ඒ අතරම බදු පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම, උපාය මාර්ගික නොවන, ඌන උපයෝජනයට ලක්ව ඇති රජය සතු වත්කම් මුදල් බවට පත් කිරීම වැනි කෙටි කාලීන පියවර ඔස්සේ රජයේ ආදායම ඉහළ නංවා ගැනීම මේ අවස්ථාවේ ආර්ථික තත්ත්වය ස්ථායීව පවත්වාගෙන යාමට ඉතා වැදගත් වෙනවා.
කොවිඩ් වසංගතයත් සමඟ සංචාරක ලැබීම් පහළ වැටීම් සහ විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩුවක් දක්නට ලැබීම වගේම විදෙස් සෘජු ආයෝජන අඩු වීමක් ද දක්නට ලැබුණා. කෙසේ වෙතත් මේ වනවිට සංචාරක හා අපනයන ඉපැයුම් වල පැහැදිලි වර්ධනයක් දක්නට පුළුවන්. ඒ වගේම විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ විධිමත් මූල්‍ය අංශය හරහා ලබා ගැනීම ප්‍රවර්ධනය සඳහා මහ බැංකුව දිරි දීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ මඟින් විදේශීය අංශය ක්‍රමයෙන් ශක්තිමත් වේ යැයි අපේක්ෂා කරනවා.
ආහාර හිඟය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
දේශිය ආහාර නිෂ්පාදනයේ කිසියම් අඩුවීමක් සිදුවුවත්, ආහාර හිඟයක් ඇති වීමේ ප්‍රවණතාවක් අපිට පෙනෙන්නට නැහැ. දේශීය නිෂ්පාදනයේ අඩුව පියවීම සඳහා ඇතැම් ආහාර ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති බැවින් ආහාර හිඟයක් වැනි තත්ත්වයකට මුහුණ පෑමේ හැකියාවක් නැහැ. ලෝක වෙෙළඳපොළේත් ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව අපි මතක තබා ගත යුතුයි. ලෝක වෙළඳපොළේ ආහාර මිල උද්ධමනයක් ඇති වී ඇත්තේ ආහාර හිඟයක් ඇති වීම නිසා නොවෙයි. කෙටිකාලීනව ආහාර මිල උච්චාවචනය වීම විදෙස් වෙළඳපොළේ මෙන්ම දේශීය වෙළඳපොළේත් සාමාන්‍ය දෙයක්, විශේෂයෙන්ම වසංගත කාල වකවානුවක.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා ප්‍රමාණවත් ඩොලර් රටේ තිබේද?
දැනට පවතින තත්ත්වය කළමනාකරණය කරගන්න අපට හැකිවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා විදේශ විනිමය හිඟ ඇතිවූ අවස්ථාවලදී බැංකු අංශය හරහා ආනයනකරුවන්ට අවශ්‍ය වන විදේශ
විනිමය ලබා දීමට මහ බැංකුව දැනටමත් ක්‍රියාකර තිබෙනවා. එමඟින් බැංකු පද්ධතියට විදේශ විනිමය ඉල්ලුම ඔස්සේ ඇතිවන පීඩනය අවම කිරීමට හැකි වුණා. මෑතකදී මුදල් මණ්ඩලය බැංකුවල එකඟතාව ද ඇතිව ඉන්ධන මිලදී ගැනීම් සඳහා වන ආනයන බිල්පත් මූල්‍යනය කිරීමට බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදාහැරීමට තීරණයක් ගත්තා. එමඟින් විදේශ විනිමය ප්‍රමාණවත් මට්ටමක ඇති බැංකුවලට එවැනි බිල්පත් මූල්‍ය ණය කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දිය හැකියි. මෙවැනි ක්‍රියාමාර්ගයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් නොකඩවා සපයනු ලබනවා. ඒ අතරම, සංචාරක - අපනයන ආදායම් ආදිය වගේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ දේශීය මුදල්වලට පරිවර්තනය කිරීම ඉහළ යාමෙන් විදේශ විනිමය තත්ත්වය යහපත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.
2022 වසරේ ජනවාරි 18 වැනි දින මහ බැංකුව විසින් එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවා ඇති අතර ඇතැම් අර්ථ ශාස්ත්‍රඥයන් මහ බැංකුව සහ ඔබව විවේචනය කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය දෙන්නන් සමඟ මහ බැංකුව සාකච්ඡා කළ යුතුව තිබූ බව පවසමින්. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළ ආකාරයෙන් 2021 වසර අවසානය වන විට නිල විදේශීය සංචිත ප්‍රමාණය බොහෝදෙනකු නොසිතූ ආකාරයට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් දක්වා වර්ධනය කරගැනීමට අපට හැකිවුණා. ඒ අනුව, 2022 ජනවාරි මස කල් පිරුණු එ.ජ. ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ගෙවීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාව ඉතිහාසයේ කිසිම දිනක ණය ගෙවීම් පැහැර හැර නැහැ. මෙසේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත ණය ගෙවීම් පැහැර හැරීමකින් තොරව නියමිත ආකාරයෙන් ගෙවීම තුළින් ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය වීම ඇතුළු ආර්ථික වාසි රාශියක් රටට ලැබෙනවා. ඒ වගේම ගෙවීම පැහැර හැරීමක් සිදු වූවා නම් එහි ප්‍රතිවිපාක වසර ගණනාවක් ඇතැම් විට පරම්පරා ගණනාවක් යන තුරුම ආර්ථිකයට දැඩි බලපෑමක් වෙන්න තිබුණා වගේම ශ්‍රී ලංකාව ණය පැහැර හැරි රටක් විදිහට කළු පැල්ලමක් ඇතිවීමට ද ඉඩ තිබුණා. මේ වාතාවරණයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.
4. රජයට 2022 වසරේ ජූලි මාසයේදී එ.ජ. ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීමට සිදුවේ. එය විදේශ සංචිත යොදාගෙන ගෙවනවාද නැතිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය දෙන්නන් සමඟ සාකච්ඡා කරනවාද?
රජය ගෙවිය යුතු විදේශීය ණය වගකීම් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කිරීමේදී විදේශීය සංචිත යොදාගෙන සිදු කිරීම සාමාන්‍ය දෙයක්. ඒවගේම විදේශ විනිමය ගලා ඒම තුළින් එයට අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමේ හැකියාවක් ද තියනවා. ඒ අනුව, 2022 වසරේ ජූලි මාසයේදී කල්පිරීමට නියමිත එ. ජ. ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් මෙන්ම අනෙකුත් විදේශීය ණය නිසිකලට ගෙවීමට රජය සහ මහ බැංකුව අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි අපේක්ෂා කරන ආකාරයට, ඉදිරි කාලයේදී ලැබීමට නියමිත ණය මෙන්ම ණය නොවන ලැබීම් ද හමුවේ විදේශ සංචිත තවදුරටත් ගොඩනඟා ගැනීමට හැකිවීමෙන් ණය වගකීම් නියමිත පරිදි ගෙවීමට හැකිවෙන බව නියතයි. ඒ ගැන කිසිදු අවිනිශ්චිතතාවක් ඇතිකර ගැනීම අවශ්‍ය නැහැ.