ටෝකියෝ ඔලිම්පික් පිටියෙන් | සිළුමිණ

ටෝකියෝ ඔලිම්පික් පිටියෙන්

 

කඩු පහරින් සියල්ලෝම කැපුවාට කෝටි 12 ක්

හොංකොන් හි එඩ්ගර් චූං කා-ලෝන්ග් තම මව්බිමට ටෝකියෝ වලදී මහත් ගෞරවයක් ගෙන දුන්නා. ඒ ෆෙන්සිං තරග ඉසව්වක දී රන් පදක්කමක් දිනා ගනිමින්. හොකොං දේශය යළි චීනය යටතට පත්වීමෙන් පසු ඔවුන්ට හිමි වූ පළමු ඔලිම්පික් රන් පදක්කම තමයි මේක. මීට කලින් හොකොං වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා තිබුණේ 1996 දී වින්ඩ්සර්ෆිං ඉසව්වක දි යි. මෙවර රන් පදක්කම දිනූ කා-ලොන්ග්ට හොකොං රජය විසින් ඩොලර් මිලියන පහක මුදලක් පිරි නැමුවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක්.

--------------------------------

විස්වාසං පරමා  ලෝක වාර්තා

විස්වාසං පරමා ඥාතී නැතහොත් විශ්වාසය පරම ඥාතියා වන්නා සේම මෙවර ඔලිම්පික් උළෙලේදී විශ්වාසය යනු නිසැක ලෝක වාර්තාවක් බවටත් තහවුරු වුණා. ඒ ඔස්ට්‍රේලියානු කාන්තා පිහිනුම් කණ්ඩායම නිසයි.

ඔවුන් මෙවර ටෝකියෝ නුවරට ආවේ මීටර් 100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා බවට දැඩි විශ්වාසයකිනි. අපේක්ෂාව පරිද්දටම ඔවුහු ඒ විශ්වාසය ජය ගත්තා පමණක් නොව නව ලෝක වාර්තාවක් ද එම ඉසව්ව වෙනුවෙන් පිහිටෙව්වා. ඒ මීට අවුරුදු තුනකට කලින් ඔවුන් පිහිටු වූ ලෝක වාර්තාවක් අභිබවා මිනිත්තු 3 කුත් තත්පර 29.69 ක කාලයක් වාර්තා කරමින්. “විශ්වාසය තුළින් ලෝක වාර්තාවක්” යැයි මෙම අපූරු පුවත මාධ්‍ය වාර්තා කළා. එම ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්නේ එමා මැකින්, මෙග් හැරිස්, බ්‍රොන්ටේ කැම්බල් සහ කේටි කැම්බල් ක්‍රීඩිකාවන් හතර දෙනා යි.

 

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

Comments