පොර පොල් ක්‍රීඩාවේදී ජයග්‍රහණය හිමිකරලා දුන්නු පොල් ගෙඩිය තවදුරටත් වසරක් හෝ දෙකක් තරග වෙනුවෙන් භාවිත කරනවා. ඒ වගේ ගෙඩිවල මදය ඉවත්කරලා කටුව දියේ ඔබලා කීප දවසක් තියලා නැවත ප්‍රයෝජනයට ගන්න ඉස්සර වෙලා කටුව ශක්තිමත් කරන රහස් බෙහෙතකින් තෙත් කරගන්නවා. ඒ වගේ පොල් කට්ටකට කියන්නේ කැටේ කියලා. අලුත් කටුවට වැඩිය 'කැටේ' පොර විදීමේ බලය ඇති නිසා තවත් කැටයක් එනක්ක පොරයට යොදවනවා.
ඇස් තුනක් ඇති පොල් වෙනුවට ඇස් දෙකක් ඇති පොල්ද 'කැටය' වගේම අගය කරනවා. දැන් මේ පොර පොල් ක්‍රීඩාව සිදුකරද්දී ජයග්‍රහණය තීරණය කරන ක්‍රම දෙකක් තිබෙනවා. එකිනෙකා වැදීමෙන් එකක් කැඩී බිඳීයාම ජයග්‍රහණය සලකුණු කිරීමය. එහි දෙවැනි ක්‍රමය වනුයේ දිනුම් තුනේ පොරයයි. එහිදී දිනන අය ප්‍රතිවාදී පොලය කැබලිවලට වෙන් කළ යුතුයි. බිඳුණු පොල් ගෙඩියෙන් කැබැල්ලක් අහසේදීම අල්ලලා මදය කනවා. බිඳුණු කටුවේ වතුර පානය කරන්නත් ඕනෑ.
මෙහිදි පළමුව ක්‍රීඩා කරන කණ්ඩායම තෝරාගන්නා කාසියක් උඩ විසිකිරීමෙනුයි. පහර දෙන්නාගේ පොලය බිඳෙන තුරු නැත්නම් මාරුවෙන් මාරුවට පොල් විසිකරලා ක්‍රීඩාව කරගෙන යනවා. මෙතැනදී වීසි ගෙඩියක් ප්‍රතිවාදියා වෙත යැවීමටත් අත් ගෙඩියකින් වීසි ගෙඩිය පිළිගැනීමත් සිදුවය යුතුයි. ඒත් මේ දෙකටම එකම ගෙඩියක් යොදාගන්නා අවස්ථාත් තිබෙනවා.
පොරය නොයෙක් ක්‍රමවලට කරනවා. සමහරවිට දෙපිලේ අන්තිම ගෙඩි දෙක හෝ අන්තිම ගෙඩි 4 හෝ 5 පොර කෙටවීමෙන් ජය පරාජය තෝරා ගන්නවා. පොරය බලන්න එන පිරිස් ඔට්ටු අල්ලනවා. පොරය පටන් ගන්නේ දෙපිලටම සමාන ඔට්ටු මුදල් ලැබුණාට පස්සෙයි.
පහර දෙන්නා තමන්ගේ දෑතින් නැත්නම් එක අතකින් අත් ගෙඩිය ඇහි පැත්ත හෝ පහටිය හෝ මුහුණ දමා විසි ගෙඩියට පහර දෙනවා. තම අත්ගෙඩියේ ශක්තිමත් පැත්ත තෝරා ගැනිම පහර දෙන්නාගේ වගකීමක්. ඒ වගේ තමයි තමන් දිහාට එන ගෙඩියේ බඳට ගසන්න සිහියේ තියාගන්න අවශ්‍යයි. ඒ වැඩේ ඒතරම් පහසු නෑ. මොකද මුහුණට කරකැවිලා එන පොලය දියයුතු පහර වැරදුණොත් අතේ ඇඟිලි කැඩිලා යනවා.
පොල් විසිකරන්නාත් බඳ පැත්ත ප්‍රතිවාදිය වෙත එවන්න උත්සුක වෙන්නේ නෑ. එයා සැමවිටම උත්සහ කරන්නේ ඇහි පැත්ත හරි පහටිය පැත්ත හරි ප්‍රතිවාදියාට ලැබෙන ආකාරය ට එය එවීමටයි. ඒ වගේම තමයි එසේ පොලය යවන්න ඉස්සරවෙලා ඇඟිලි වලින් දඟ පන්දු කරකවනවා වගේ පොලය කරකවන්න කටයුතු කරනවා.











