
ක්‍රීඩාවෙත්, ක්‍රීඩකයින්ගේත් උන්නතිය උදෙසා නිරතුරුව කැපවී සිටින SLT-MOBITEL මෙවර 87 වැනි වරට සංවිධානය කෙරෙන ‘මහගස්තොට කඳු තරණය‘ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබාදෙයි.
ඒ අඛණ්ඩව තෙවැනි වතාවටය. 1934 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරගාවලිය, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේදී සංවිධානය කිරීමට නොහැකි විය.
එහෙත් මෙවර තරගාවලිය 2021 අප්‍රේල් 3 සහ 4 යන දෙදින තුළ නුවරඑළිය මහගස්තොටදී පැවැත්වීමට නියමිත ය.
අප්‍රේල් 3 වැනිදා දිනය තුළ යතුරු පැදි සහ පැරණි මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන අතර, ඊට පසුදින මෝටර් රථ ධාවන තරග සඳහා වෙන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරග ක්ෂේත්‍රයේ තිඹිරිගෙය ලෙස සැලකෙන මහගස්තොට Hill Climb හෙවත් කඳු තරණය තරගාවලියට දශක අටකටත් වැඩි සාඩම්බර අතීත උරුමයක් පවතී.
මෙම තරගාවලිය පළමු වරට පැවැත්වුණේ 1934 වසරේ සිටය. තරගාවලියේ නිල අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීමේ අවස්ථාවට මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සහ සිලෝන් මෝටර් ස්පෝට්ස් ක්ලබ්හි සභාපති නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා, සිලෝන් මෝටර් ස්පෝට්ස් ක්ලබ්හි සභාපති නිරෝෂන් පෙරේරා මහතා වෙත අනුග්‍රාහක චෙක්පත ලබාදුන් අයුරු. සිලෝන් මෝටර් ස්පෝට්ස් ක්ලබ්හි උප සභාපති ශෆ්රාස් ජුනයිඩ් මහතා ද ඡායාරූපයේ සිටී.
ගීශා මුණසිංහ










