
ජයග්‍රහණයට බලපෑවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් හා කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ උද්වේගකාරී බව යි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන අරමුණ හිඟයකින් තොරව රටට විදුලිය ලබාදීමය. ඊට අමතරව ජාතික කර්තව්‍යයක් සේ සලකා ක්‍රීඩාවට විදුලියෙන් ජවය සැපයීමට ඔවුහු ඉදිරිපත් ව සිටිති. එය වඩාත් හොඳින් ප්‍රකට කළේ පසුගියදා ජාතික ශූරතා වොලිබෝල් ශූරතාවයේ දී දැක්වූ දක්ෂතා සමඟය. මේ ජයග්‍රාහී පිරිමි වොලිබෝල් කණ්ඩායම ගැනය.’
“අපි වොලිබෝල් ක්‍රීඩකයන්ට තවත් රැකියා දෙනවා” යැයි සංවාදය අරඹමින් ජේ.එම්.ඩී. විජේවීර (අතිරේක මුදල් කළමනාකරු) මහතා පැවසූයේ අනාගත වොලිබෝල් ක්‍රීඩකයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නැවුම් හැඟුම් ඇතිකරමිනි.
‘අපිට ඒ වෙනුවෙන් සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරික්වයේ උපරිම සහයෝගය ලැබෙනවා. මෙරට නැගීගෙන එන වොලිබෝල් ක්‍රීඩකයන්ට රැකියා අවස්ථා සපයා ඔවුන් රැකබලා ගැනීම අප ආයතනය මගින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.’ ඔහු පැවසීය. මෙහිදී පුහුණුකරු චමින්ද ජයරත්න මහතා ප්‍රකාශ කළේ විදුලි බල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම ආරම්භයේ (2016) සිට තමන් පුහුණුකරු වශයෙන් කටයුතු කරන බවයි. සහය පුහුණුකරුවා වන කේ.ඩී. සඳුන් විමලසේන පවසන්නේ තම කණ්ඩායම මෙවර ශූරතාව දිනාගත්තේ කණ්ඩායමේ සංකලනයේ ඇති විශිෂ්ටත්වය හේතුවෙන් බවය.
‘යෞවන ක්‍රීඩකයන්ගේ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ මනා සංකලනයක් ලෙස මේ කණ්ඩායම දකිනවා. ජයග්‍රහණයට බලපෑවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් හා කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ උද්වේගකාරී බව යි.’ ඔහු තවදුරටත් පැවසීය.
අඛණ්ඩ පුහුණුවෙන් වර්ධනය කළ යෝග්‍යතාව ජයග්‍රහණයට දායාදයක් වූ බව ශාරීරික අභ්‍යාසක ඒ.පී.අයි චානක අමරසිංහ පැවසීය. ක්‍රීඩකයන්ව මාස 03ක් පමණ එක දිගට හොඳට පුහුණුවීම් කෙරෙව්වා. ඒ කාල සීමාවේදී ශාරීරික අභ්‍යාස හා කායවර්ධන කටයුතු උපරිමයෙන් කළා. අපේ ටීම් එක දෙවන තරගාවලියේදීත් ශාරීරික යෝග්‍යතාව අතින් 70% ක් 80%ක් පමණ ඉදිරියෙන් සිටියා.තරග වට 05ක් ගත්තොත් සෙසු කණ්ඩායම්හි තරග වට 03 යද්දී ක්‍රිඩකයන්ගේ ශක්තිය හීන වෙනවා. නමුත් අපේ ක්‍රීඩකයන් 100% කි.’ ඔහු කීවේය.
එසේම ප්‍රමාණවත් පුහුණුව ජයග්‍රහණයට ඉවහල් වූ බව කණ්ඩායම් නායක දීප්ති රොමේෂ් පවසන්නේය. ‘මම විදුලිබල මණ්ඩල වොලිබෝල් පිලට ආවේ 2016 නාවික හමුදාවේ වොලිබෝල් කණ්ඩායමෙන් අයින් වෙලා. එහෙම ආවෙත් නායකයා වශයෙනුයි.
2017දීත් අපි මංචි ජාතික ශුරතාව දිනා ගත්තා. දෙවැනි වරටත් මෙවර මංචි ශුරතාව මගේ නායකත්වය යටතේ දිනාගත්තේ. ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. පුහුණුවීම් හොඳට කළා.ජයග්‍රහණයට හේතුව පුහුණුවයි.’ ඔහු පවසයි. මේ අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වශයෙන් තරගාවලියේ දක්ෂතම පන්දු ගොඩ ගන්නා වනුයේ ඒ.ඩබ්ලිව්. ලක්මාල්. මෙම තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා පී.කේ. කසුන් ප්‍රනාන්දු, හොඳම පන්දු ආවරණකරු ලෙස එස්.පී.එල්.පතිරණ සම්මාන ලැබූහ.
පී.ඒ.ඩී. අයේෂ් දිල්හාන් පෙරේරා විදුලිබල මණ්ඩලයට ක්‍රීඩා කරන්නේ අවුරුදු පහක සිටය. කසුන් ලහිරු අමරවීර ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමේ අවුරුදු 8ක් සිටි ක්‍රීඩකයෙකි.
එහි සිටින තවත් ක්‍රීඩකයෙක් ලෙස ෂෙහාන් ලක්ෂිත දැක්විය හැකිය. ඔහු 2017 වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාය. ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ විදුර ප්‍රභාත් ද අවුරුදු 18 ශ්‍රී ලංකා වොලිබෝල් කනිෂ්ඨ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කර ඇත්තෙකි.
බී.ඒ.චමිදු හිරුෂාන් මෙවර මංචි වොලිබෝල් ශුරතා තරගාවලියේදී වටිනාම ක්‍රීඩකයා, හොඳම පන්දු පිරිනමන්නා ලෙස සම්මාන දිනූ අතර කේ.බී.සංඛ, ඩී.ඒ.ඩී.රුචිර සම්පත් ජයතුංග දක්ෂ ක්‍රීඩකයෝ වෙති.
ඊට අමතරව එම්.එම්.ඩී.ඩී.කේ. චන්ද්‍රසිරි, ඒ.එච්. රුවක්ෂන් රංජන් හා කේ. නිශාන් කොඩිසිංහ යන ක්‍රීඩකයෝ ජාතික සංචිතය නියෝජනය කරති.
උදුලා පීරිස්










