පම්පමඩුවේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටවෙයි | Page 14 | සිළුමිණ

පම්පමඩුවේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටවෙයි

වව්නියාව පම්පමඩුව යුධ හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලයින් 31 දෙනෙකු අද (17) සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව සදහන්.

ඔවුන් නාවලපිටිය සහ සෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඒ අනුව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම මෙම පිරිස වන බව ද වාර්තා වේ.

Comments