දෙකකට සුවයි - 226ක් නිවෙස් වෙත | Page 12 | සිළුමිණ

දෙකකට සුවයි - 226ක් නිවෙස් වෙත

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තව ත් 226 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග රාජගිරිය, බණ්ඩාරනායකපුර, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 215 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments