
යම් ආගමකට හෝ එහි සංකේතයකට, ස්මාරකයකට පහර ගැසීම ඒ ආගමික භක්තිකයන් කුපිත කරවිය හැකි සියුම් උපක්‍රමයකි. එය අද ලෝකයේම ගැටුම් ඇවිළවීමේ ම්ලේච්ඡ ක්‍රමෝපායක් වී තිබේ. බොහෝ විට අන්තවාදි ආගමික කල්ලි යොදාගන්නේ මේ උපක්‍රමයයි. මේ පිළිබඳ අලුත්ම කතාව නිර්මාණය වූයේ පසුගියදා මාවනැල්ලෙනි. ඒ සම්බන්ධයෙන් සිදු කැරෙන පොලිස් පරීක්ෂණ මඟින් ගැටුම ඇවිළවීමේ අන්තවාදි හැසිරීම් අනාවරණය වෙමින් පවතී.
මාවනැල්ලේ ජන කොටස් 2002 වසරේදීද කිසියම් සාමයික ගැටලුවකට මැදි වී ලත් අමිහිරි මතකයන් අමතක කර දමමින්, සියලු ජාතීහු යළිත් සහජීවනයෙන් ජීවත් වෙමින් සිටියහ. තෙල්දෙණිය, දිගන ප්‍රදේශවල එදා ඇති වූ ගැටුම් මාවනැල්ලට ව්‍යාප්ත වන්නට ඉඩ නොදෙන්නටද ඔවුහු වගබලාගත්හ.
අන්තවාදීන් සුළු පිරිසක් මාවනැල්ල කේන්ද්‍ර කරගනිමින් තරුණයන් එක්රැස් කරන්නට වූයේ සමස්ත ප්‍රජාව එලෙස සහජීවනයෙන් කටයුතු කරද්දීය. රහස් පොලීසිය අනාවරණය කරගත් පරිදි ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මාවනැල්ල, හිඟුල, දෙල්ගහගොඩ පදිංචි අයියා-මලෝ දෙදෙනෙකි. මොවුන් දෙදෙනා යටතේ එක්රැස් කරනු ලබන වයස අවුරුදු විස්සේ තිහේ තරුණ කණ්ඩායම්වලට අන්තවාදි අදහස් කවමින්, අනෙක් ආගම් ගැන වෛරයක් ඇති කරවා ඉදිරි ප්‍රහාර සඳහා සූදානම් කර තිබිණි. මේ අයියා-මලෝ දෙපළ බුදු පිළිමවලට පහර දෙමින්, දේවාලවල පිළිම කඩමින් අන්තවාදය වපුරන්නට තරුණයන්ගේ මොළ සෝදන්නට පියවර ගත්තේ 'ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය' නම් සංගමයට නායකත්වය දෙමිනි.
ඒ ආකාරයට සංවිධානය වන අන්තවාදි තරුණ කණ්ඩායම් පළමු ප්‍රහාර මාලාව අරඹන්නේ මාවනැල්ල හා කුරුණෑගල පොතුහැරින්ය. මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ රන්දිවෙල හන්දියේ හා මාවනැල්ල මාන්තේගම පාරේ මිරිස්කුඩු හන්දියේ බුද්ධ ප්‍රතිමා පසුගිය දෙසැම්බර් 24 දා අලුයම් කාලයේදී කඩා දමන්නේ ඒ අනුවය. ඒ අතර මාවනැල්ලේ මෙන්ම රට පුරා බුදු පිළිම කැඩීම ගැන විවිධ මත පළ වීමත් සමඟ ප්‍රදේශය උණුසුම් වූයේය. මේ සිද්ධි පසුපස දේශපාලන හස්තයක් පවතින බවට මත පළ වීමත් සමඟ දේශපාලන වේදිකාවද උණුසුම් වන්නට විය.
ඒ අතරතුර තවත් භීෂණ කණ්ඩායමක් කුරුණෑගල, පොතුහැර රඹුක්කන මාර්ගයේ කොස්ගොල්ලේ පිහිටි උත්පලවණ්ණා ආරාමයේ වූ ගණ දෙවි ප්‍රතිමාව හා කතරගම දෙවි ප්‍රතිමාව කඩන්නේ නත්තල (25) උදා වන පාන්දර ජාමයේය.
ගැටුම්කාරි වාතාවරණයක් ඇති නොවන්නට වගබලාගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් මේ ප්‍රදේශයට යැවීමට තීරණය කරන්නේ දූරදර්ශී පියවරක් ගනිමිනි. මේ අතර රහස් පොලීසිය වෙත මෙහි විමර්ශන භාර දී, අපරාධවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග ලැබිණි.
මේ සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම් විසින් හිඟුල දෙල්ගහගොඩ ප්‍රදේශවල පදිංචි මොහොමඩ් ෆයිසර්, මොහොමඩ් හුස්ති, මොහොමඩ් අන්වර් යන අය දෙසැම්බර් 27 දා අත්අඩංගුවට ගනු ලැබූහ. සාහිත් නමැත්තා, තමන්ට බුද්ධ ප්‍රතිමාවලට පහර දෙන්නට යතුරු පැදියක් සමඟ කපන කටුවක් හා මිටියක්ද, පිළිමවලට පහර දී පැමිණීමට ඩිස්කවරි යතුරු පැදිද දුන් බව ප්‍රශ්න කිරීමේදී සැකකරුවෝ හෙළි කළහ. මොවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඊබ්‍රහීම් සාහිත්ගේ නායකත්වය යටතේ මොහොමඩ් අයිසර්, මොහොමඩ් මුස්වි, මොහමඩ් අස්වර්, මුෆිත් අකීර් යන අය තමන් සමඟ නිවෙසට කැඳවා බුදුපිළිමවලට පහර දෙන්නට නියෝග කළ බවද සැකකරුවෝ පැවසූහ.
එහෙත් සාහිත් ඇතුළු කණ්ඩායම 26 දාම මාවනැල්ලෙන් පැනගෙන තිබුණේ එදින අලුයම මාවනැල්ල දිදුලවත්තේ බුදු පිළිමයක් කඩමින් සිටි දෙදෙනකු ත්‍රිරෝද රථ රියැදුරන් විසින් දැකීමෙන් පසු එකකු ගම්වාසීන් එක්ව අත්අඩංගුවට ගැනීමත් සමඟය. පොලිස් විමර්ශනවලට අනුව ගම්වාසීන් එද්දී එතැනින් පැනගත් අනෙක් සැකකරු මෙහි මහ මොළකරු වූ සාහිත්ය. එතැනින් එහාට පොලීසියට මේ සම්බන්ධ කිසිවකුත් කොටු කරගත නොහැකි වූයේ සාහිත් සමඟ සොහොයුරා වූ ඊබ්‍රහීම් සාදික් හා පියා වූ ඊබ්‍රහීම් මොහොමඩ් යන අයත් ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි බැවිනි.
මේ සම්බන්ධ විමර්ශන අරඹන රහස් පොලිස් කණ්ඩායම් බුද්ධි තොරතුරු හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පැන ගිය මහ මොළකරුවන් සොයා රට පුරා මෙහෙයුමක් ආරම්භ කළහ. රහස් පොලීසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්වරුන්ගේ නියෝග යටතේ පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායමක් විමර්ශන අරඹන්නේ ඒ අනුවය.
පුත්තලම, මන්නාරම් පාර, දෙවන හරස් වීදියේ පදිංචි මොහොමඩ් මුෆීස් ගැන තොරතුරු රහස් පොලීසියට ලැබන්නේ මේ අතරතුරය. ඊබ්‍රහීම් සොහොයුරන් දෙදෙනා මුෆීස් සමඟ දුරකතන මඟින් දිගටම සබඳකම් පවත්වා ඇති අතර, ඔවුන් මුෆීස් සමඟ පුත්තලමේ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත රහස් පොලීසිය පුත්තලමට යන්නේ ඉකුත් ජනවාරි 16 දාය. වනාතවිල්ලුවේ අබිරහස් අවි ගබඩාව ගැන තොරතුරු හෙළි වන්නේද එහිදීය.
වනාතවිල්ලුව පොලිස් වසමේ කරඩිපුවල් ග්‍රාම නිලධාරි වසමට අයත් පුබුදුගම මන්නාරම් - පුත්තලම් ප්‍රධාන මාර්ගයේ අටේ කණුව, ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර අසලින් වම්පසින් පිහිටා තිබේ. සැකකරුවන් සැඟව සිටින බවට තොරතුරු ලැබුණේ පුබුදුගම පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ යද්දී කැලෑබද ප්‍රදේශයක හමු වන ලැක්ටෝහවුස් පොල්වත්තෙහිය. අක්කර අසූවක් පමණ වූ මේ පොල්වත්තේ එක් පසකින් පුත්තලම් කලපුවය; අනෙක් පසින් රජයේ තේක්ක වත්තය. තවත් පසෙකින් කජු වත්තකි. පුත්තලම, දෙවන හරස් වීදියේ පදිංචිව සිට මියගිය අබුහනීෆාට අයත් වූ මේ ඉඩම ඔහුගේ දියණියන් දෙදෙනාට හා පුතා වූ අබුහනීෆා මොහොමඩ් මුෆීස් හට අයිතිය ලැබී ඇත්තේ පිය උරුමයෙනි. මේ ඉඩමට ගිය රහස් පොලිස් කණ්ඩායම ඉඩමේ ලැක්ටොෆාම් නමින් පවත්වාගෙන ගිය කුකුළු ගොවිපළට යන්නේ එය භාරව සිටින මුපීස් සොයාගෙනය. මුෆීස්ගේ සොහොයුරියට අත් ගොවිපළ බලාගත්තේ මුෆීස්ය.
ඊබ්‍රහීම් සොහොයුරන් සොයා රහස් පොලීසිය එය වැටලුවද ප්‍රධාන සැකරුවන් එහි සිටියේ නැත. මොහොමඩ් මුෆීස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතරේ කළ සෝදිසි කිරීමකදී පුපුරන ද්‍රව්‍ය සඟවා තැබූ බැරල් හමු වන්නේ පොළොවේ වළ දමා තිබියදීය. කුකුළු ගොවිපොළේ මුරපොළක් මෙන් භාවිත කළ කුඩා නිවෙස ඉදිරියේ පෙළොව යට අඩි තුනක් පමණ උසැති ප්ලාස්ටික් බැරල් වළ දමා තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම් කඳවුරේ නිලධාරීන් කැඳවා ඒවා ගොඩ ගැනීම සිදු විය.
මේ බැරල් තුළ තිබී පොටෑසියම් නයිට්‍රේට් රසායනික ද්‍රව්‍ය කිලෝග්රෑම් 75ක්, නයිට්‍රික් ඇසිඩ් ලීටර් 120ක් අඩංගු කෑන් 6ක්, ඉන්දියාවේ නිෂ්පාදිත විද්යුත් ඩෙටනේටර් 99ක්, වායු රයිෆලයක්, උණ්ඩ 7ක්, රසදිය ග්රෑම් 50ක්, විදුලි පරිපථයක්, වයර් අඩි 210ක්, ටෙන්ට් රෙදි 2ක්, මි.මී. 3.8 වර්ගයේ උණ්ඩ 5ක් ඇතුළු උපකරණ තොගයක් මෙහිදී සොයාගැනිණි. ඒ සමඟ එහි සිටි මොහමඩ් ෆස්රීන්, මොහමඩ් හමාස්, මොහමඩ් නවීන් යන පුත්තලමේ පදිංචිකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගැනුණහ.
අන්තවාදි ක්‍රියා සඳහා කණ්ඩායම් පුහුණු කිරීමට මේ ලැක්ටෝෆාම් වත්ත උපයෝගි කරගත් බවට සැක මතු වන්නේ මෙහිදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය හා ඩෙටනේටර් හේතුවෙනි. ප්‍රාථමික අවධියේ පිපිරීම් සඳහා යොදාගත හැකි ඒවා ගල්කොරි පිපිරීම හා මාළු ඇල්ලීමේදී මේවා යොදා පිපිරවීම් සිදු කළ හැකිය. මෙවැනි දේ බුදුපිළිම විනාශ කරන්නටත් ජීවිතන හානි කරන්නට වුව යෙදාගත හැකි වූවත් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලදි ප්‍රවාහනයේ පහසුව හා ප්‍රහාරය එල්ල කර ඉක්මනින් පලා යෑමේ පහසුව බලන බැවින් මෙය හුදකලා තැන්වලට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත්තා විය හැකි බව පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අන්තවාදි කණ්ඩායම් පුහුණුවට තබාගත් බව කියන වනාතවිල්ලුවේ රහසිගත ස්ථානය ගැන විමර්ශන අරඹන රහස් පොලිසිය ජනවාරි 21 දා ප්‍රධාන සැකකරුවන්ගේ නිවෙස් වැටලූහ. දෙසැම්බර් 26 දා සිට ඔවුන් තම නිවෙස්වලට නොපැමිණි බැවින් ඒවාට පොලිස් ආරක්ෂාව යොදා තිබුණේ සැකකරුවන් පැමිණිය හොත් කොටු කරන්නා අටියෙනි. ඒ අනුව අධිකරණ නියෝගයක් ගෙන නිවාස පරීක්ෂාව සඳහා හිඟුල, දෙල්ගහගොඩ බලා යන රහස් පොලීසිය අන්තවාදි කණ්ඩායම් මෙහෙයවූ ප්‍රධාන සැකකරු බව කියන ඊබ්‍රාහිම් සාහිත්ගේ නිවෙසත් ඔහු සමඟ අතුරුදන්ව සිටින ඊබ්‍රාහිම් සාෆීත්ගේ නිවෙසත් පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ නිවෙසත් පරීක්ෂා කරති.
එම පරීක්ෂාවේදී වායු රයිෆලයක්, හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය ග්රෑම් 500ක්, යකඩ මිටියක්, කියතක්, කළු පැහැති තොප්පියක්, රබර් අත්වැසුමක්, අත්මේස් ජෝඩුවක්, ලැප්ටොප් පරිගණකයක්, වෝකිටෝකි යන්ත්‍ර 2ක්, සංයුක්ත තැටි තොගයක් අත්අඩංගුවට ගැනිණි. ඒ ඊබ්‍රාහිම්ගේ පියාද සමඟය.
රහස් පොලිසිය දැන් සොයන්නේ මෙහි ප්‍රධාන සැකකරුවන් වන ඊබ්‍රහීම් සොහොයුරන් ආගමික සහජීවනය බිඳ-දමමින් ආගම්වාදි අරගලයක් ඇති කරන්නට යෑම පසුපස සිටින බලවේගය කුමක්ද, මොවුන්ගේ ඉදිරි අරමුණු හා ඉදිරි ඉලක්ක මොනවාද යන්න ගැනය.
කවර ආගමක වුව මූලධර්මවාදී අන්තගාමි පිරිස් සිටීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් මේ සුළු පිරිස බහුතරයක් වූ සාමකාමි මධ්‍යස්ථ ප්‍රජාවට කරන හානිය සුළු-පටු නැත. එය සමස්ත සමාජයේම විනාශයට හේතු වන මානව අසමගියට පාර කපන්නකි. එබැවින් අන්තවාදීන් විසින් නිර්මාණය කරනු ලබන කෘත්‍රිම ගැටුම්වලදී මධ්‍යස්ථ පාර්ශ්ව වෙත පැවරෙන වගකීමද කිසි සේත් සුළු කොට තැකිය නොහැකිය. සමාජය නොමඟින් සුමඟට ගැනීමට ලොව පහළ වූ ලබ්ධීන් ලොව නොමඟ යවන්නට දඩමීමා කරගැනීමට වහාම තිත තැබිය යුතුය.