හොඳම දහය අතරට එන්න වැර දරන ලාංකේය දැල්පන්දුව | සිළුමිණ

හොඳම දහය අතරට එන්න වැර දරන ලාංකේය දැල්පන්දුව

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම් පසුගිය දිනවලදී තරගාවලි දෙකකට සහභාගි වූයේ ය. ඒ කාන්තා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහ පිරිමි කණ්ඩායම සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවටය.

එහිදී පොදුවේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තු දෙකක් තිබිණි. එනම් කාන්තා කණ්ඩායම ප්‍රථම වරට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී මුල් වටයෙන් ඉදිරියට යෑමය. එමෙන් ම පිරිමි කණ්ඩායම ටෙස්ට් තරගවලදී ලබා තිබූ සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යෑමය.

එහෙත් අවසානයේදී සිදු වූයේ මෙම කණ්ඩායම් දෙකටම අමිහිරි ප්‍රතිඵලයකින් සෑහීමට පත් වීමටයි. එනම් පරාජය වීමයි. කාන්තා කණ්ඩායමට සුපුරුදු පරිදි ප්‍රථම වටයෙන්ම ඉවතට යෑමට සිදුවූයේය. පිරිමි කණ්ඩායම ටෙස්ට් තරගමාලාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම පරාජය වීමයි.

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේදී ශ්‍රී ලංකාව තරග කළේ ඒ කාණ්ඩයෙනි. එම කාණ්ඩයට ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අයත් විය.

මුල් වටය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය මුල් ස්ථාන දෙක හිමි කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමිව‍ූයේ ඔවුනට සිවුවැනි ස්ථානය හිමි වූ බැවිනි.

ශ්‍රී ලංකාව මුල් වටයේදී තරග සතරකට සහභාගි විය. එහිදී ජයග්‍රහණ එකකි.‍ පරාජයන් දෙකකි. ජය පැරදුමක් නැති තරගයකි. ශ්‍රී ලංකාව ජය ගත්තේ බංග්ලාදේශයට එරෙහිව තරගයයි. වත්මන් ආසියානු විස්සයි 20 ශූරියන් වන්නේත් බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාව පරාජය වූයේ කොදෙව් සහ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයන්ය. වර්ෂාව නිසා එංගලන්ත තරගය ප්‍රතිඵලයක් නැතිවම අවසන් විය.

Comments