
18 වැනි කලම්බු මැරතන් තරගාවලිය - 2018
රටවල් 45ක තරගකරුවන් 500ක පිරිසක් හා මෙරට මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000 ක් පමණ සහභාගී වූ 18 වැනි කලම්බු මැරතන් තරගාවලිය කොළඹ බෞද්ධාලෝක මාවතෙන් ආරම්භවී මීගමුව වෙරළ තීරයෙන් ඉකුත් දා අවසන් විය.
පූර්ණ මැරතන් තරගයේ ආධිප්‍යය කෙන්යාව විසින් දිනාගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ එම්.එස්.පී.එම්.පෙරේරා හා එස්.ආර්.ජි.අමිල සනත් කුමාර ශ්‍රි ලංකාවේ ගෞරවය රැකගැනීමට සමත් වුහ.
එහිදි කෙන්යාව නියෝජනය කළ ජේම්ස් ටලාම් පසුගිය වසරේ තමාම වාර්තා කළ පැය 2කුත් මිනිත්තු 23 තත්පර 37ක ජයග්‍රාහි කාලය අභිබවා යමින් පැය 2කුත් මිනිත්තු 21යි තත්පර 52කින් තරගය නිමා කරමින් 18 වැනි කලම්බු මැරතන් තරගාවලියේ පිරිමි තරගෙයන් ජයගත් අතර කෙන්යාව නියෝජනය කළ මාගරට් එන්ජූගුනා පැය 2කුත් මිනිත්තු 52 තත්පර 54ක කලෙයක් වාර්තා කරමින් කාන්තා තරගයෙන් ජය වාර්තා කිරිමට සමත් වූවාය.
පිරිමි තරගයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන තුනම කෙන්යාව විසින් ජයගත් අතර ශ්‍රී ලංකාවට හිමි වුයේ සිව්වන ස්ථානයයි. අමිල සනත් කුමාර සිවුවැන්නා ලෙස පිරිමි අංශයෙන් තරගය නිමා කළ අතර කාන්තා අංශයෙන් එම්.එස්.පි. එම්. පෙරේරා තරගය නිමාකිරීමට සමත් වූවාය.
කෙන්යාව නියෝජනය කළ ස්ටෙෆන් මුගම්බි පැය 2 කුත් මිනිත්තු 21යි තත්පර 58ක් වාර්තා කරමින් පූර්ණ මැරතන් තරගයෙන් දෙවැන්නා වු අතර පැය 2 මිනිත්තු 22 තත්පර 30කින් තරගය නිමා කළ කෙන්යාවේ පීටර් කේටර් තෙවැන්නා විය.
කන්තා තරග ඉසව්වෙන් එමිලි ජෙප්කොච් පැය 2කුත් මිනිත්තු 53යි තත්පර 49ක් වැයකරමින් දෙවන ස්ථානය හිමිකරගත් අතර පැය 2කුත් මිනිත්තු 53 තත්පර 56කින් තරගය නිමා කළ එම්.එස්.පි. එම්. පෙරේරා තෙවැන්නා වුවාය. පසුගිය වසරේදී කෙන්යාවේ මාගරට් හා එමිලි දෙවන හා තෙවන ස්ථාන දිනාගැනීමට සමත් වුහ.
ප්‍රවිණයන්ගේ මැරතන් තරගයෙන් ජයගැනීමට කේ.ඒ. සුනිල් ප්‍රේමරත්න සමත් වු අතර ඔහු වාර්තා කළ කාලය පැය 3යි. මිනිත්තු 28 යි තත්පර 58කී. දෙවැන්නා වු එස්. ෂෙල්ටන් සේනාසිංහ පැය 3යි මිනිත්තු 32යි තත්පර 38කින් තරගය නිමාකරමින් දෙවැන්නා වු අතර පැය 3යි මිනිත්තු 51 තත්පර 35කින් තරගය නිමා කළ ප්‍රින්ස්ලී ලියනගේ තෙවැන්නා විය.
අර්ධ මැරතන් තරගයේ පිරිමි අංශයෙන් පළමු ස්ථාන 5ම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුහ. පැය 1කුත් මිනිත්තු 9යි තත්පර 37කීන් තරගය නිමා කළ ඩි.ජී.ඩී. සඳරුවන් අර්ධ මැරතන් තරගය ජයගත් අතර දෙවැන්නා වුයේ පැය1කුත් මිනිත්තු10යි තත්පර 17කින් තරගය නිමා කළ දිලුක්ෂ කාරියවසම් දෙවැන්නා වු අතර පැය 1 මිනිත්තු 11 තත්පර 7කින් තරගය නිමා කළ ප්‍රීයංකර ප්‍රීතිරාජ් තෙවැන්නා විය.
අර්ධ මැරතන් තරගයේ කාන්තා අංශයේ ජය හිමිවුයේ අැමෙරිකාවටයි. ඇමෙරිකාව නියෝජනය කරමින් තරගයට එක් වු අමන්දා චැංග් පැය 1කුත් මිනිත්තු 25යි. තත්පර 13ක් වැයකරමින් කාන්තා අංශයෙන් ජයගත් අතර ශ්‍රි ලංකාව නියෝජනය කළ ක්‍රිෂ්ණා කුමාරිට හිමි වුයේ දෙවන ස්ථානයයි. ඇය තරගය නිමා කිරීමට පැය1 මිනිත්තු 27 තත්පර 23ක් වැයකර තිබූ අතර තෙවැන්නා වු ඉන්දියාවේ දේවිකා භක්ෂිට තෙවන ස්ථානය හිමිකරගැනීමට පැය 1කුත් මිනිත්තු 43යි.තත්පර 13ක් වැයව තිබුණි. සිව්වන ස්ථානය චිනය විසින් දිනා ගත් අතර පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.
ප්‍රවිණයන් උදෙසා පිරිමි අංශයෙන් අර්ධ මැරතන් තරගයක් පැවැති අතර එම තරගය එස්. චන්ද්‍රකුමාර ජයගත් අතර ඔහුට තරගය නිමා කිරීමට පැය 1යි මිනිත්තු 24යි තත්පර 24ක් වැයව තිබුණි. පැය 1යි මිනිත්තු 25යි තත්පර 26කින් තරගය නිමා කළ එන්.ඩී. උදය ශාන්තසිරි දෙවැන්නා වු අතර පැය 1යි මිනිත්තු 29 තත්පර 37කින් තරගය නිමා කළ අනිල් ප්‍රනාන්දු තෙවැන්නා විය. අර්ධ මැරතන් තරගයේ ප්‍රවිණයන්ගේ අංශය නියෝජනය කරමින් විදෙස් තරග කරුවන් තරගය නියෝජනය කළත් කිසිවෙකුට පළමු පස්දෙනා අතරට ඒමට නොහැකි විය.
විනෝදාස්වාදය සඳහා (FUN RUN) පමණක් සංවිධානය වු කිලෝමීටර් 10 හා 05 යන තරග කාණ්ඩයේ තරග ඉසව් දෙක සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.කාන්තා හා පිරිමි, බාලක හා බාලිකා වශයෙන් තරග අංශ තරග 6ක්, 18 වැනි කලම්බු මැරතන් තරගයට ඇතුළත් වු අතර කිලෝමීටර්10 තරග කාණ්ඩයේ පිරිමි අංශයෙන් එච්.එම්.ඊ.යු.බී. හේරත් ජයගත්තේය. ඔහු මිනිත්තු 33 තත්පර 37කින් කිලෝමීටර් 10ය සම්පූර්ණ කිරීමට සමත් වු අතර එල්.පී.පී.පී. අමරසිරීට දෙවන ස්ථානය හිමිවිය. ඔහුට ගතව තිබු කාලය මිනිත්තු 33 තත්පර 02කී. ජී.එම්. ප්‍රදීප් කුමාර මල්ගම්මන මිනිත්තු 35 යි තත්පර 06කින් තරගය නිමා කරමින් තෙවැන්නා විය. එම තරග අංශයේම කාන්තා තරග කාණ්ඩයෙන් මිනිත්තු 47 තත්පර15කින් තරගය නිමා කළ කේ.දිපිකා ප්‍රේමමාලි ජයගත් අතර ඩබ්ලිව්. පී.ඩී.එම්. ඊ. කේ. කුමාරී මිනිත්තු 49යි තත්පර 24කින් තරගය නිමා කරමින් දෙවැන්නා ද බ්‍රිතාන්‍ය නියෝජනය කළ ලෝලා වෝලස් මිනිත්තු 50 තත්පර 21කින් තරගය නිමා කරමින් තෙවැන්නා වුවාය.
විනෝදාත්මක (FUN RUN) කිලෝමීටර් 5 අවසානයේ පිරිමි තරගයෙන් තරිඳු ධනුෂ්ක ජයගත් අතර ජී.වී. කවිෂ්ක ඒරංග දෙවැන්නා ද කේ.කේ. එම්.ඩී.කේ. විජේරත්න තෙවැන්නාද විය. කිලෝ මිටර් 5 අවසානයේ කාන්තා තරගයෙන් එච්.ඉරේෂා සදරේණු ප්‍රනාන්දු ජයගත් අතර එච්.ඒ. ගීත්මී සංජනා දෙවැන්නාද කේ.ඒ.එච්. කාංචනා ප්‍රබෝදිනී තෙවැන්නාද වුහ.
විනෝදාත්මක කිලෝමීටර් 5 අවසන් කළ බාලක තරගයෙන් ජයගත්තේ ජේ.ඒ.එම්. මදුසංඛයි. දෙවැන්නා ලෙස එස්.එම්. සජීව පුෂ්පකුමාර තරගය නිමා කළ අතර ඊමේෂ් චාරුක තෙවැන්නා විය.
ඩබිලිව්.ටී. ජේශාලිකා මධුවන්ති විනෝදාත්මක කිලෝමීටර් 5 කාන්තා බාලිකා තරගයෙන් ජයගත් අතර ලිශාන් ද සිල්වා දෙවැන්නාද කේ.පී. දුලාන්ජී දිල්රුක්ෂි තෙවැන්නාද වුහ.
රුපියල් මිලියන 2.5 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු සංවිධානය කර තිබූ අතර තරගාවලියට සහභාගිවන තරග කරුවන්ගේ රක්ෂණය මෙන්ම වෛද්‍ය පහසුකම්ද සංවිධායකයන් විසින් සම්පාදනය කර තිබුණී.
ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනය විසින් 18 වැනි වරටත් සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කලම්බු මැරතන් තරගය සංවිධානය කර තිබූ අතර තාක්ෂණය, විනිශ්චය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් උසුලන ලදී. නීතිය හා සාමය අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, මීගමුව නගර සභාව සත්කාරකත්‍වයෙන් සහාය විය.
මෙම තරගාවලියේ සුවිශේෂත්වයක් ක්‍රීඩා පුවත් පතට හිමි විය. එනම් ක්‍රීඩා පුවත් පතේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගත් නමුත් ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කිසි ලෙස විශ්‍රාම නොගිය නොබෝදා අප අතරින් වියෝවු මාධ්‍යවේදී සුනිල් අබේවර්ධන වෙනුවෙන් “කලම්බු මැරතන්” තරගාවලියේදී කිලෝ මීටර් 10 අවසානයේ දී ජයගත් තරගකරුවන් උදෙසා සුනිල් අබේවර්ධන අනුස්මරණ කුසලානයක් ප්‍රදානය කිරීමයි.
එදා මෙදා තුර 18 වසක දිගු අතීතයේ 17 වසරක් අඛණ්ඩව සිය දායකත්වය කලම්බු මැරතන් තරගයට සපයා දුන් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී සුනිල් අබේවර්ධන අනුස්මරණය කරමින් ජාත්‍යන්තර “කලම්බු මැරතන්” තරගාවලියේදී කිලෝ මීටර් 10 අවසානයේ දී ජයගත් තරගකරුවන් උදෙසා සුනිල් අබේවර්ධන අනුස්මරණ කුසලානයක් ප්‍රදානය කිරීම පැසසිය යුතු කරුණකී. මෙම තරගාවලිය ආරම්භයේ සිට අතිමහත් දායකත්වයක් සැපැයු සුනිල් අබේවර්ධන වසරක් පාසා මාධ්‍ය වේදියෙකු ලෙස තරග සංවිධායකයෙකු ලෙස මෙම තරගාවලියට තම දායකත්වය සැපයිය. වසර ගණනාවක් ලේක් හවුස් ප්‍රකාශනයක් වු ක්‍රීඩා සඟරාවේ මාධ්‍ය වේදියෙකු, නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කරමින් ක්‍රීඩාවට අපරිමිත දායකත්වයක් සැපයු සුනිල් අබේවර්ධන ඇගැයීම ගුණ සුවඳ දත් මිනිසුන්ගේ යුතුකමකී. එය පසක් කරමින් ශ්‍රී ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා කටයුතු කිරීම අගය කොට සැලකිය යුතුය.










