
ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය
ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර සහ 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග අයත් සම්පූර්ණ තරග සංචාරයක් සඳහා එංගලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. එහිදී මුලින්ම පැවැත්වෙන්නේ එක්දින ජාත්‍යන්තර තරගමාලාවයි. එහි පළමු තරගය ලබන 10 වැනි දා පැවැත්වෙයි.
මෙම තරග සංචාරය සත්කාරක ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වේ. ඒ අසාර්ථක ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ප්‍රථම තරගමාලාව මෙය වන බැවිනි.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව ටෙස්ට් නායකයා වූ දිනේෂ් චන්දිමාල්ට දැන් එක්දින සහ 20-20 නායකත්වයත් හිමි වී තිබේ.
ටෙස්ට්
මෙවර තරගමාලාවට තරග 03ක් අයත්ය. ජෝ රූට් එංගලන්ත නායකයාය. එංගලන්තය මෙම තරගමාලාවට සහභාගි වන්නේ සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම වසර 12 කට පමණ පසුව ආරම්භක පිතිකරු ඇලස්ටෙයාර් කුක් නොමැතිව එංගලන්තය ටෙස්ට් තරගමාලාවකට සහභාගි වන ප්‍රථම වතාවත් මෙය වේ. වැඩිම ටෙස්ට් ලකුණුලාභි එංගලන්ත ක්‍රීඩකයා වන කුක් පසුගිය දා ජාත්‍යන්තරව විශ්‍රාම ගත්තේය.
මේ අතර එංගලන්තයේ වැඩිම ටෙස්ට් කඩුලුලාභි පන්දු යවන්නා වන ජිමී ඇන්ඩර්සන් මෙම ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වේ. හෙතෙම ඉකුත් ඉන්දීය තරගමාලාවේදී ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත් විය. ඒ තම 564 වන ටෙස්ට් කඩුල්ල දවා ගනිමිනි. ඔහුට පෙර කඩුලු 563 ක් දවා ගෙන එම ස්ථානය හිමිකර ගෙන සිටියේ ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැග්‍රාය.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනක් දවා ගත් පන්දු යවන්නන් අතර ජිමීට සිවු වැනි ස්ථානය හිමි වේ. ශ්‍රී ලංකාවේ මුරලිදරන් (කඩුලු 800), ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් (708) සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ (619) ජිමීට ඉදිරියෙන් සිටිති. 36 හැවිරිදි ජිමී ඇන්ඩර්සන් දකුණතින් මද වේග පන්දු යවයි.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, රොෂෙන් සිල්වා, ඩිල් රුවන් පෙරේරා, රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර
එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක) , මොයින් අලි, ජිමී ඇන්ඩර්සන්, ජොනි බෙයාර්ස්ටොව්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජොෂ් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීව්, ඔලී ජෝප්, අඩිල් රෂිඩ්, බෙන් ස්ටෝක්ස්, ඔලි ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්
ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට 1982 වසරේදී සහභාගි වූයේ එංගලන්තයට එරෙහිවයි. එංගලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගමාලවකට සහභාගි වූයේ 2011 – 12 දීය තරග දෙකකින් සමන්විත එම තරගමාලාව 1-1 ක් ලෙස නිමාවට පත් විය.
1982 – 2016 අතර දෙරට අතර ටෙස්ට් තරග පවත්වා තිබේ. මුළු තරග ගණන 31 කි. එංගලන්තයට ජය 12 කි. ශ්‍රී ලංකාවට ජය 08 කි. ජය පැරදුමක් නැති තරග 11 කි.
තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ශ්‍රී ලංකාවටයි. ඒ 628 /8 කි. 2003 දීය. එංගලන්තයේ වැඩිම 575/9 කි. 2014 දීය දෙරටේම අඩුම ලකුණු ගණන 81 බැගිනි. ඒ ශ්‍රී ලංකාවට 2001 දීය. එංගලන්තයට 2007 දීය.
දෙරට වෙනුවෙන්ම වැඩිම මුළු ලකුණු ලාභියා වන්නේ මහේල ජයවර්ධනයි .1998 – 2014 අතර කාලයේදී ඔහුට තරග 23 කදී ලකුණු 2212 කි. ඇලස්ටෙයාර් කුක්ට 2006 – 16 දී තරග 16 කදී ලකුණු 1290 කි. ඉනිමක වැඩිම ලකුණුත් මහේලටමයි. ඒ 2007 දී නොදැවී 213 කි. ජොනතන් ට්‍රොට් හට 2011 දී ලකුණු 203 කි. දෙරට අතර වැඩිම ශතකලාභියාත් මහේලමයි. ඒ තරග 23 කදී ශතක 08 කි. කෙවින් පීටර්සන්ට 2006 -12 අතර තරග 11 කදී ශතක 03 කි. දෙරටින්ම වැඩිම කඩුලුලාභියා මුත්තයියා මුරලිදරන්ය. 1993 – 2007 අතර කාලයේදී මුරලිට තරග 16 කදී කඩුලු 112 කි. ජිමී ඇන්ඩර්සන්ට 2003 – 16 අතරදී තරග 11 කඩුලු 51 කි. ඉනිමක හොඳම පන්දු යැවීමත් මුරලිටමයි. ඒ 1998 දී 65 – 9 කි. එංගලන්තය වෙනුවෙන් ෆිල් ඩි ෆ්‍රෙයිටාස්ට 70-7 කි. ඒ 1991 දීය.
වැඩිම දවාලීම් කළ කඩුලු රකින්නා මැට් ප්‍රයර්ය. 2007 -14 දී තරග 10 කදී දවාලිම් 41 කි. ඊට උඩපන්දු 39 කි. කඩුලු බිඳ දැමීම හෙවත් ස්ටම්ප් කිරීම් 02 කි. කුමාර සංගක්කාරට 2001 -14 දී තරග 22 කදී දවාලීම් 40කි. ඊට උඩපන්දු 34 කි. ස්ටම්ප් කිරීම් 06 කි. වැඩිම උඩපන්දු ගණනක් රැකගත් පන්දු රකින්නා මහේල ජයවර්ධනයි. ඔහුට උඩපන්දු 38 කි. මාර්කස් ට්‍රිස්කොතික් 2001 -06 දී තරග 12 කදී රැකගත් උඩපන්දු ගණන 19කි.
පිතිකරුවන් අතර වැඩිම ලකුණු සබඳතාවය ලකුණු 262 කි. ඒ තිලාන් සමරවීර සහ මහේල ජයවර්ධන අතර තෙවන කඩුල්ලටයි. ඒ 2003 වසරේදීය. ඇලෙස්ටෙයාර් කුක් සහ ජොනතන් ට්‍රොට් 2011 දී තෙවන කඩුල්ලට ලකුණු 251ක් රැස් කළහ. වැඩිම තරග ගණනකට සහභාගි වූ ක්‍රීඩකයා මහේල ජයවර්ධනයි. 1998 -2014 අතර කාලයේදී ඔහුට තරග 23 කි. ඇලස්ටෙයාර් කුක්ට 2006 -16 දී තරග 16කි.
එක්දින ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), අමිල අපොන්සු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, උපුල් තරංග
එංගලන්ත සංචිතය
ඔයින් මෝර්ගන් (නායක),මොයින් අලි, ජොනි බෙයාර්ස්ටොව්, ජොෂ් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියෑම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ලියැම් ප්ලන්කෙට්, අඩිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඔලි ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්
එංගලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී එක්දින ජාත්‍යන්තර තරගමාලාවකට සහභාගි වූයේ 2014 -15 දීය. ඊට තරග 07 කි. ශ්‍රී ලංකාව එය ජය ගත්තේ තරග 5-2 ක් වශයෙනි. අවසන් වරට මේ දෙරට එක්දින තරගමාලාවකට සහභාගි වූයේ 2016 දීය. එංගලන්තයේදී පැවැති තරග 05 කින් සමන්විත එම තරගමාලාව 3-0 කින් ඔවුන් ජය ගත්හ. තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත් විය. අනෙක් තරගයට වර්ෂාව නිසා ජය පැරදුමක් නැත.
මෙම දෙරට 1982 – 2016 දක්වා එක්දින ජාත්‍යන්තර තරග 69 කට සහභාගි වී තිබේ. එහිදී ශ්‍රී ලංකාවට ජය 34 කි. එංගලන්තයට ජය 33 කි. තරගයක් ලකුණු සම වීමෙන් නිමා විය. තරගයකට ජය පරාජයක් නැත. තරගයක වැඩිම ලකුණු එංගලන්තයටයි. ඒ 1983දී 333 -9 කි. ශ්‍රී ලංකාවට 324 -2 කි. ඒ 2006 දීය අඩුම ලකුණු ගණන 67 වේ. ශ්‍රී ලංකාවට එය හිමිවිය. ඒ 2014 දීය. එංගලන්තය 2003 දී ලබා ගත්තේ ලකුණු 88කි.
වැඩිම ලකුණුලාභි පිතිකරුවා
සංගක්කාරය.2001-15 දී තරග 44 කදී ලකුණු 1625 කි. ජෝරූට් හට 2013 -16 අතර තරග 19දී ලකුණු 825 කි. තරගයක වැඩිම ලකුණු ජේසන් රෝයිටය. ඒ 2016 දී ලකුණු 162 කි. සනත් ජයසුරියට 2006 දී ලකුණු 152 කි.
දෙරටින්ම වැඩිම ශතකලාභියා මහේලයි. 1999 – 2015 දී තරග 47 කදී ශතක 05 කි. රෝයිට තරග 05 කදී ශතක 02 කි. ලසිත් මාලිංග වැඩිම කඩුලුලාභි පන්දු යවන්නාය. 2006 -15 දී තරග 25 දී කඩුලු 39 කි. ජිමී ඇන්ඩර්සන්ට 2002 – 15 දී තරග 24 කඩුලු 34 කි. තරගයක හොඳම පන්දු යැවීම දිල්හාර ප්‍රනාන්දු සතුය. ඒ 2007 දී 27-6 කි. ක්‍රිස් වෝක්ස්ට 2014 දී 47 -6 කි.
වැඩිම දවාලීම් කළ කඩුලු රකින්නා සංගක්කාරය. ඒ 2001 -15 දී තරග 44 දවාලීම් 54 කි. ඊට උඩපන්දු 41 කි. ස්ටම්ප් කිරීම් 13 කි. ඇලෙක් ස්ටුවර්ට්ට 1989 -2003 දී තරග 22 කදී දවාලීම් 24 කි. ඊට උඩපන්දු 23 කි. ස්ටම්ප් කිරීමකි. වැඩිම උඩපන්දු රැක ගැනීම මහේලටයි. ඒ තරග 47 කදී උඩපන්දු 31 කි. පෝල් කොලින්වුඩ්ට 2002 – 09 දී තරග 19 කදී උඩපන්දු 14 යි.
තරගයක වැඩිම ලකුණු සබඳතාවය උපුල් තරංග සහ සනත් ජයසුරියටයි. ඒ 2006 දී පළමු කඩුල්ලට ලකුණු 286 කි. එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ලට නොදැවී ලකුණු 256 කි. ඒ 2016 දීය. වැඩිම තරග ගණනකට සහභාගී වූ ක්‍රීඩකයා මහේල ජයවර්ධනයි. ඒ 1999 – 2015 දී තරග 47 කි. ඉයන් බෙල්ට 2006 – 15 දී තරග 26 කි.
20-20 ජාත්‍යන්තර තරග
එක් තරගයක් පමණක් පැවැත්වීමට නියමිතයි. එය ඔක්තෝබර් 27 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එය රාත්‍රී තරගයකි.
දෙරට අතර වැඩිම ලකුණු එංගලන්තය සතුය ඒ 190 -4 කි. ශ්‍රී ලංකාව 189- 4 කි. 2014 දී පැවැති එකම තරගයකදී මෙය වාර්තා විය. අඩුම ලකුණු ශ්‍රී ලංකාව 128 – 6 කි. ඒ 2010 දීය. එංගලන්තය 136- 9 කි. 2011 දීය.
වැඩිම ලකුණුලාභියා මහේලය. 2006 -14 දී තරග 05 කදී ලකුණු 213 කි. මෝර්ගන්ට 2010 -16 දී තරග 07 කදී ලකුණු 190 කි. තරගයක වැඩිම ලකුණු ඇලෙක්ස් හේල් සතුය. ඒ 2014 දී නොදැවී ලකුණු 116 කි. එම තරගයේදීම මහේල ලකුණු 89 ක් රැස් කර ගත්තේය.
දෙරටින්ම වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා වනුයේ ලසිත් මාලිංගය. ඒ 2006 -14 දී තරග 06 කදී කඩුලු 11 කි. ක්‍රිස් ජෝර්ඩන්ට 2014 – 16 දී තරග 04 කදී කඩුලු 10 කි. තරගයක හොඳම පන්දු යැවීමත් මාලිංග සතුය. ඒ 2012 දී 31 -5 කි. පෝල් කොලින්වුඩ් එංගලන්ත වාර්තාවේ හිමිකරුය. ඒ 2005 දී 22 – 4 කි.
වැඩිම දවාලිම් කළ කඩුලු රකින්නා ජොෂ් බට්ලර්ය. 2012 – 16 දී තරග 05 කදී දවාලීම් 03 කි. චන්දිමාල්ට 2014 – 16 දී තරග 04 කදී දවාලිම් දෙකකි. වැඩිම උඩපන්දු ගණනක් රැක ගත් පන්දු රකින්නා ඇලෙක්ස් හේල්ස්ය. 2012 – 16 දී ඔහුට තරග 04 කදී උඩපන්දු 04 කි. මහේලට 2006 -14 දී තරග 05 කදී උඩපන්දු 03 කි.
වැඩිම ලකුණු සබඳතාවය හේල්ස් සහ මෝර්ගන් සතුය. ඒ තෙවන කඩුල්ලට ලකුණු 152 කි. ශ්‍රී ලංකාවෙන් තිලකරන්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන දෙවැනි කඩුල්ලට ලකුණු 145 ක් රැස් කළහ. මෙම දස්කම් වාර්තා වූයේ 2014 වසරේදී එකම තරගයේදීය.
දෙරට වෙනුවෙන් වැඩිම තරග ගණනකට ක්‍රීඩා කර තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ ඔයින් මෝර්ගන්ය. ඒ 2010 -16 දී තරග 07 බැගිනි.
මෙවර රෙඩ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක තරගාවලියේ මුල් වටය ලීග් ක්‍රමයට පැවැත්විණි. එය අවසානයේ මුල් ස්ථානය හිමිකර ගත් ඉන්දියාව ඍජුවම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. දෙවන සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් රටවල් අතර පැවැති තරගය ජය ගත් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාව මුල් වටයේ දී එක්සත් අරාබි කඩුලු 07, බංග්ලාදේශය කඩුලු 06, සිම්බාබ්වේ ලකුණු 151 කින් ද පරාජය කළේය. ඉන්දියාවට කඩුලු 07 සහ පාකිස්තානයට ලකුණු 62 කින් ද පරාජය විය.
කෙසේ වෙතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 08 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රාහි ශ්‍රී ලංකා සංචිතය
කොෂාන් ජයවික්‍රම (නායක), මධුෂාන් රවිචන්ද්‍ර කුමාර්, නිරෝෂන් දික්වැල්ල, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, වනිදු හසරංග, ජනිත් ලියනගේ, දිනුක් වික්‍රමනායක, චමික කරුණාරත්න, සුපේෂල ජයතිලක, මලින්ද මධුරංග, දේවින්ද් පත්මනාදන්, මිෂේන් සිල්වා, රනිත ලියනආරච්චි, දිනෙත් තිමෝද්‍ය, හෂාන් දුමිඳු, ප්‍රමෝද් මධුෂාන් සහ අමිල අපොන්සු කෙසේ වෙතත් මේ අතරින් දික්වැල්ල, හසරංග සහ අපොන්සු වැනි ක්‍රීඩකයන්ට මෙවර තරගාවලියට සහභාගි වීමට අවස්ථාව උදා වූයේ නැත. ඒ ඔවුන් ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට සහභාගි වෙමින් සිටිය බැවිනි.
එමෙන්ම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගවලට සහභාගි වූ ක්‍රීඩකයන් ද මෙවර විශ්ව විද්‍යාල ලෝක තරගාවලියට ක්‍රීඩා කළේ නැත. එවැනි වාතාවරණයක් තුළ නැවත වතාවක් ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම අගය කළ යුතුය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශ්‍රී ලංකාවේ හෂාන් දුමිඳුය. 23 හැවිරිදි හෂාන් ලකුණු 230 ක් රැස් කර ගැනීමට සමත් විය. හෙතෙම දකුණත් පිතිකරුවෙකි. වැඩි ම කඩුලු ලාභි පන්දු යවන්නා වූයේත් ශ්‍රී ලංකාවේ ම ජනිත් ලියනගේය. 23 හැවිරිදි ජනිත් කඩුලු 16 ක් දවා ගත්තේ දකුණතින් මද වේග පන්දු යවමිනි. ඔහු හැට්ට්‍රික් දෙකකුත් දවා ගැනීමට සමත් වූයේය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූයේත් හෂාන් දුමිඳුමයි.
මෙවර තරගාවලියේත් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාය. එමෙන් ම තවත් හිටපු ක්‍රීඩකයකු සහ නායකයකු වන රොෂාන් මහානාම මහතා විශේෂ තානාපතිවරයකු ලෙසට කටයුතු කළේය.
මෙම රෙඩ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක තරගාවලියට සහභාගි වූ මේ වන විට ජාත්‍යන්තරව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිපදෙනකුම සිටිති. ඒ අතර ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල, අමිල අපොන්සු, ඉන්දියාවේ ලොකේෂ් රාහුල්, දකුණු අප්‍රිකාවේ ලුන්ගි එන්ගිඩි සහ එක්සත් අරාබි එමිර්හි චිරාග් සුරි සිටිති.
කොෂාන් ජයවික්‍රම (නායක)
25 හැවිරිදිය. දකුණතින් පන්දුවට පහර දෙයි. දකුණතින් පිට දඟ පන්දු යවයි. 2012 වසරේ ආනන්ද විද්‍යාලය සමඟ පැවැති මහා පාසල් ක්‍රිකට් තරගයේ දී නාලන්දා විද්‍යාලීය නායකයාය. තුන් ඉරියව් හපනෙකි.
කොෂාන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙත් හිටපු ක්‍රීඩකයෙකි. හෙතෙම මේ වන විට පළමු පෙළ තරගවලදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම නියෝජනය කරයි.
ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔහු පැසිපන්දු ක්‍රීඩාවෙත් නිරත වී තිබේ. ඔහුගේ උස අඩි 6 අඟල් 5 කි.
කොෂාන් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මවුපියන් සහ නැගණියත් වොලිබෝල් ක්‍රීඩා කර තිබේ. පියා රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියටත් තරග කර ඇත.
මෙම විශ්ව විද්‍යාල ලෝක ක්‍රිකට් තරගාවලිය පිළිබඳ කොෂාන් දරනු ලබන්නේ සුබවාදී මතයකි. “මේ තරග පහසු නැහැ. ක්‍රීඩා කිරීමත් ඉහළ මට්ටමක තිබෙන්නේ. මෙවැනි තරග තිබීම මේ වයසේ ළමුන්ටත් හොඳයි. ඒ වගේ ම පිටරටවල ක්‍රීඩකයෝ හඳුනා ගන්නත් අවස්ථාව ලැබෙනවා. එමෙන් ම අපිට හොඳ පහසුකම් ලබා දුන්නා.”
ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට ප්‍රධාන බලාපොරොත්තුවක් තිබේ. එය කොෂාන්ටත් අදාළය. “මම 20 - 20 තරගවලට කැමතියි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තමයි මගේ බලාපොරොත්තුව.” කොෂාන් වැඩිදුරටත් පැවසීය.

ප්‍රශාන්ත ඇල්පිටිය










