ජයග්‍රහණයන්ට අඩු වැඩි සැලකිලි එපා | සිළුමිණ

ජයග්‍රහණයන්ට අඩු වැඩි සැලකිලි එපා

ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයම හොඳටෝම කුණු වී ඔද්දල්වී අවසන්ය. එළඹෙන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගන් කණ්ඩායම් වෙතින් ලත් කුජීත පරාජයන් දෙක එංගලන්තය හමුවේ වසා ගැනීමට හැකිවේද? නැද්ද? යන්න කීමට කල් වැඩි නමුත්, එය තවත් දිගු වුවහොත් ප්‍රශ්නය බැරෑරුම් බව නම් සහතිකය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම එළියට විසිවන විට, කොරියාවේ පැවැති කැරම් ලෝක කුසලානය, සිංගප්පූරුවේ පැවැති ආසියානු කුසලතා දැල්පන්දු තරගාවලියේ ශූර සහ ශූරියන් වීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, ඊට අමතරව කැරම් ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන්, මෙන්ම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු ආසියානු අභියෝග කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට හැකි‍ විය.

කැරම් ලෝක ශූරියන් සහ අනුශූරියන් ගැන වගේ වගක් නැති මෙරට ක්‍රීඩාව, පස් වතාවක් ආසියානු නෙට්බෝල් කිරුළ දිනූ නෙට්බෝල් ක්‍රීඩාවට වෙන්කර ඇති ඉඩකඩින් ම මෙරට ක්‍රීඩාවේ ගමන් මඟ සහ ක්‍රීඩාව කරවන අයගේ තරම මැන ගත හැකියි. කැරම් ක්‍රීඩාවෙන් පමණක් 2003 – 2018 දී ජාත්‍යන්තර විජයග්‍රහණ හතරක් මෙරටට හිමි වී ඇති පසුබි‍මක ලාංකේය කැරම් ක්‍රීඩාවේ තත්ත්වය සහ ලෝක මට්ටමට ළඟාවීමටත් නොහැකි ක්‍රිඩාවන්ට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දක්වන උනන්දුව පිළිබඳ සාධක සෙවීමට වැඩි මහන්සියක් ඇවැසි නැත.

පළමු ආසියානු අභියෝග කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය හිමි වනවිට ශූරයන් සහ අනුශූරයන් වීමට ඉරාකය සහ සවුදි අරාබිය සමත්විය. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ලාංකේය අනාගත වොලිබෝලය තෙවැනි ස්ථානයෙන් ඉහළට ගැනීමට ඇවැසි සැලසුම් මේ තරගාවලියේදී හෝ සැකසීමට බලධාරීන්ට නැණ නුවණ පහළ වූයේ නම් එය ප්‍රමාණවත් ය.

මේ ජයග්‍රහණ කිසිවක් ක්‍රීඩා පරිපාලනයේ මනා සැලසුම්වල ප්‍රතිඵල වලටත් වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම්වල ප්‍රතිඵල බව පැහැදිලිය. මීට හොඳම උදාහරණය කැරම් ක්‍රීඩාවෙන් ලත් ජයග්‍රහණයයි. අදටත් කැරම් ක්‍රීඩාව මෙරට චූල ගණයේ ක්‍රීඩාවක් ලෙස සැලකෙන අතර ඒ නිසාම හිමිවන වරප්‍රසාද පවා අවමය. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුය. සෑම ක්‍රීඩාවකටම දක්වන සැලකිල්ල පිළිබඳ බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු ය.ජයග්‍රහණයන්ට අඩු වැඩි සැලකිලි එපා

මේ ජයග්‍රහණ කිසිවක් ක්‍රීඩා පරිපාලනයේ මනා සැලසුම්වල ප්‍රතිඵල වලටත් වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම්වල ප්‍රතිඵල බව පැහැදිලිය. මීට හොඳම උදාහරණය කැරම් ක්‍රීඩාවෙන් ලත් ජයග්‍රහණයයි. අදටත් කැරම් ක්‍රීඩාව මෙරට චූල ගණයේ ක්‍රීඩාවක් ලෙස සැලකෙන අතර ඒ නිසාම හිමිවන වරප්‍රසාද පවා අවමය. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුය. සෑම ක්‍රීඩාවකටම දක්වන සැලකිල්ල පිළිබඳ බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු ය.

Comments