
බාර්බෙඩෝස් හි බ්‍රිජ්ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක ජයක් හිමිකර ගත් පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වූයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පැවති තෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟය. මේ ඓතිහාසික තරගයේ නායකයා වූයේ සුරංග ලක්මාල් ය.
මම නායකයෙක් විදියට ක්‍රීඩා කරපු පළවැනි තරගය ලොකු අභියෝගයක් වුණා. අපි කණ්ඩායමක් විදියට එකට හිටපු නිසා ඉතාමත් හොඳින් ඒ තරගය ඉවර කර ගන්න පුළුවන් වුණා.
අපි හොඳට ක්‍රීඩා කරනවා නම් වේග පන්දු යවන්නෙක් ද, දඟ පන්දු යවන්නෙක්ද කියන එක අදාල නෑ. වඩා වැදගත් වෙන්නේ අපි කණ්ඩායමට ඒ වෙලාවේ කරන වැඩ කොටසයි. අපිට ඕනෑම විදියකට තරගයකදී කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන්. ඒ තරගයේ දී චන්දිමාල්ගේ අඩුව පුරවන්න තමයි මට තිබුණේ. ඒ දේ මම හරියට කළා කියලා විශ්වාස කරනවා.
දෙවැනි ඉනිමේ අපි පන්දු යවන කොට කොහොම හරි තරගය දිනනවා කියන තැන ඉඳල තමයි ක්‍රීඩා කලේ. කරන්න ඕනෑ දේ පුහුණුකරු එක්ක කතා කරලා තමයි පිටියට බැස්සේ. තරගයේ දෙවැනි ඉනිමේ මටයි - කසුන්ටයි, ළහිරුටයි සැලසුමක් තිබුණා. අපි සැලසුමෙන් පිට ක්‍රීඩා කළේ නෑ. ළහිරු කුමාර පරිනත පන්දු යවන්නෙක් විදියට හොඳට ක්‍රීඩා කලා. ඒ දෙන්නම ටෙස්ට් පිටියට ආධුනික වුණාට මටත් වඩා හොඳින් පන්දු යැව්වා. ඒ දෙන්නගේ හොඳ දක්ෂතා මම දැක්කා
- සුරංග ලක්මාල්










