
ළමයින් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම සඳහා ආවේක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ. විවිධ ආධාර පත්‍ර හෝ අනාථාධාර හෝ වෙළෙඳ කටයුතු හෝ ආදී කිසිදු කටයුත්තකට ළමයින් යොදා ගැනීම සපුරාම නීතියෙන් තහනම් වන අතර එවැනි සිදුවීම් පිළිබඳව 1929 යන දුරකතන අංකය මඟින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දෙන ලෙස එම අධිකාරිය විසින් නිවේදනය කර තිබේ.