සිවු අවුරුදු වොලිබෝල් සැලසුම ක්‍රීඩා ඇමැති සුරතට | සිළුමිණ

සිවු අවුරුදු වොලිබෝල් සැලසුම ක්‍රීඩා ඇමැති සුරතට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සකස් කරන ලද ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ සිවු අවුරුදු සැලසුම වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දුන්නේය.

කෙටි - මධ්‍ය සහ දීර්ඝකාලීන සැලසුම් මෙමඟින් ඉදිරිපත් කර ඇති අතර, මේ සඳහා අනු කමිටු හතක් සිය දායකත්වය සපයා තිබේ. පාසල් වොලිබෝල් සංවර්ධනයේ සිට ජාත්‍යන්තර තරග මාලාවන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබේ.

***************************

ශ්‍රී ලංකා - පාකිස්තාන් දෙවැනි එක්දින තරගය හෙට

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය (හෙට) 16 දා අබුඩාබිහිදී පැවැත්වේ.

මෙකී තරගාවලිය ආරම්භ වූයේ ඩුබායිහිදී 13 දා පැවැති තරගයෙනි. 18 - 20 - 23 දා සෙසු තරග පැවැත්වේ.

***************************

කොළඹ ආධිපත්‍යය කෙන්යාවට

අට දහසකට අධික දෙස් විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වූ 17 වැනි කොළඹ මැරතන් පිරිමි පූර්ණ තරගයේ ජය හිමිකර ගැනීමට කෙන්යාවේ ජේම්ස් තලාම් සමත් වූ අතර ගතකළ කාලය පැය 2:23.37 කි. කාන්තා පූර්ණ තරගයේ ජය ද කෙන්යාවට හිමි වූ අතර පැය 2:59.46 ක කාලයක් ගත කළ මර්සී ටු එහි ජය හිමිකර ගත්තාය.

පිරිමි අර්ධ මැරතන් තරගයේ ජය ලුවිස් ඔර්ටා හිමිකර ගනිද්දී එහි කාන්තා අංශයේ ජය හිමිකර ගැනීමට හිරුණි විජේරත්න සමත් වූවාය.

පිරිමි සහ කාන්තා පූර්ණ මැරතන් තරග ද්විත්වයේම වැඩි ගෞරව හිමිකර ගැනීමට කෙන්යානුවන් සමත්වීම විශේෂත්වයකි.

Comments