
කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායක සංගමය විසින් සංවිධානය කරන සහිරා සුපර් 16 පාපන්දු ශූරතාවලිය අද (15) ආරම්භ වේ. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ශුරතාවලියේ තරග පවත්වනු ලබන්නේ සහිරා විද්‍යාලීය සහ කොළඹ සිටි ලීග් ක්‍රීඩාංගණවලදීය.
මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ යොවුන් පාපන්දු ක්‍රීඩාවට තව තවත් වැඩි වටිනාකමක් ලබා දීමය. ගතවූ වසර 12 ක කාලයකදී මෙම තරගාවලිය පැවැත්වූයේ අන්තර් පාසල් සත් සාමාජික වශයෙනි. එසේ වූවත් සහිරා විදුහලේ පාපන්දු ක්‍රීඩාවට වසර සියයක් ගතවීම නිසා එය 11 සාමාජික තරගාවලියක් වශයෙන් පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
පුරා දින හතක් තිස්සේ මෙය පැවැත්වෙන්නේ ලීග් තරගාවලියක් ලෙසටයි. මෙම තරගාවලියට අධ්‍යාපන අමාත්‍යංශයත් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේත් අනුමැතිය ලැබී තිබේ. මෙම තරගාවලිය ඇරැඹීමට පෙර විශේෂ පාපන්දු තරගයක් පසුගියදා පැවැත්විණි. එය පැවැත්වූයේ සමස්ත තරු සහ ක්‍රිකට් තරු ඇතුළත් කණ්ඩායම් අතරය. ක්‍රිකට් තරු කණ්ඩායමේ නායකයා වූයේ මහේල ජයවර්ධනය. එම පිලට ග්‍රෙැහැම් ලැබ්රෝයි, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, උපුල් චන්දන, නුවන් සොයිසා, ඉසුරු උදාන වැනි ක්‍රීඩකයෝ අයත් වූහ.
සමස්ත තරු කණ්ඩායමේ නායකයා වූයේ සන්තුෂ් වීරමන්ය. ඊට රග්බි, පාපන්දු, ව්‍යාපාරික, කලා සහ මාධ්‍ය අංශයේ ජනප්‍රිය පුද්ගලයෝ සිටියහ.
සහිරා සුපර් 16 පාපන්දු තරගාවලියේ කුසලාන ශූරයන්ට මුදල් ත්‍යාග පිරිනමන බව සංවිධායකයෝ පවසති. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් මෙසේය. ද මැසිනොද් කඳාන, ගේට්වේ ජාත්‍යන්තර, හින්දු විද්‍යාලය - කොළඹ, හමීඩියා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලයිසියම් ජාත්‍යන්තර, මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය - මීගමුව, නාලන්දා විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, රාජකීය විද්‍යාලය - කොළඹ, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, ශාන්ත හෙන්රි විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය - මහනුවර, වෙස්ලි විද්‍යාලය, සහිරා විද්‍යාලය කොළඹ.










