
ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී මෝටර් රථ 2017 ලෝක ශුරතාවලියේ 17 වන අදියර 22 දා අමෙරිකාවේදී පැවැත්වේ. මේ වන විට ලෝක ශූරතාවලියේද ඉදිරියෙන්ම සිටින්නේ බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ය. ඔහුට ලකුණු 306 කි. එහි දෙවන තැන ජර්මනියේ සෙබස්තියන් වෙටෙල්ටය. ඔහුට ලකුණු 247 කි. පින්ලන්තයේ වැල්ටෙරි බොටාස්ට තෙවන තැනය. ඔහුට ලකුණු 234 කි.
මෙවර ලෝක ශූරතාවලියට අයත්වන මුළු අදියර ගණන 20 කි. ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ අදියර තුනකි.
ඔක්තෝබර් 29 - මෙක්සිකෝව
නොවැම්බර් 12 - බ්‍රසීලය
නොවැම්බර් 26 - අබුඩාබි










